මට මතක ඇති කාලයක සිටන් යුද්ධය මගේ ජීවිතයේ කොටසක් වෙලා තිබුණා. මම ඉපදුනේ ඇෆ්ඝනිස්ථානයේ. ඒ සෝවියට ආක්‍රමණයෙන් යන්තමින් මාස හයකට වගේ පසුවයි. සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට තරම් මම පොඩි වැඩි උනත් විදවීම් ගැන සහ මා වටේ පැවති බිය පිළිබදව ගැඹුරු හැගීමක් මට තිබුණ. යුද්ධ හා ගැටුම් ගැන මගේ වර්තමාන ආකල්ප හැඩගැස්වීම කෙරෙහි මේ කලින් අත්දැකීම් විශාල බලපෑමක් ඇති කර තිබෙනව.

මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ මූලිකම යමක් අහිමිවී යාමට මුහුණපා සිටින විට ඉන් බොහෝ දෙනෙකුට අත හැරීම යන්න තවදුරටත් විකල්පයක් නොවන බව මම දැනගත්ත. මේ වගේ ගැටුම්වල, මිනිසුන්ගේ අයිතිවාසිකම් අහිමිකර ඇති විටක, ඔවුන්ගේ රටවල් ආක්‍රමණය කර ඇති වේලාවක, ඔවුන්ව මර්ධනයට හා ලැජ්ජාවට පත් කර ඇති විටක එයට විරුද්ධ වීමට සහ නැවත හැරී සටන් කිරීමට බලවත් ආයුධ ඔවුනට අවශ්‍යයි. මෙහි තේරුම තමයි  හිංසනය කියන්නේ කෙතරම් නරක සහ විනාශකාරී දෙයක් වුවත්, මිනිස්සු ඒක දකිනවනම් එය ඔවුනට ඇති එකම විකල්පය කියල, ඔවුන් එය පාවිච්ඡි කරනව.   

ලෝකයේ මොන තරම් හිංසනයක් තියෙනවද යන්න ගැන අප බොහෝ දෙනෙක් සැළකිලිමත්. ඒත් හිංසනය සදාචාරමය ලෙස නරකයි කියල මිනිස්සුන්ට කීමෙන් අපට යුද්ධ නවත්වන්නට බැහැ. ඒ වෙනුවට, අඩුම තරමෙන් හිංසනය තරම්ම බලවත් සහ ප්‍රතිඵලදායී ආයුධයක් අප ඔවුනට ඉදිරිපත් කරන්න ඕනෙ. මේක තමයි මම කරන දේ.,

ලෝකයේ සමහරක් ඉතාම දුශ්කර තත්වයන් වලදී යම් අර්බුදයක් හැසිරවීම සදහා නිර්ප්‍රචණ්ඩ අරගල භාවිතා කළ හැක්කේ කොහොමද කියල මම පසුගිය වසර දහතුන පුරාම මිනිස්සුන්ට උගන්වමින් සිටිනව. බොහෝ දෙනෙක් මේ විදියේ ක්‍රියාකාරීත්වයන් මහත්මා ගාන්ධි සහ මාටින් ලූතර් කිංට සම්බන්ධ කරනව. ඒත් මිනිසුන් නිර් ප්‍රචණ්ඩ ක්‍රියා විධික්‍රම වසර දහස් ගණනක සිට භාවිතා කරමින් සිටිනව.

ඇත්තෙන්ම මේ රටේ අද අප සතුව පවතින බොහෙමයක් අයිතිවාසිකම්, ස්ත්‍රීන් ලෙස, සුළු ජාතිකයන් ලෙස, විවිධ ලිංගික අනන්‍යතා ඇති මිනිසුන් ලෙස, සහ පරිසරය පිළිබද සැළකිලිමත්වන පුරවැසියන් ලෙස, මේ අයිතීන් අපට නිකන් ලබාදුන් දේ නොවෙයි. ඒවා ජයග්‍රහණය කලේ ඒවා වෙනුවෙන්  සටන් කළ මිනිසුන් විසින් සහ ඒ වෙනුවෙන් ජීවිත පූජාකර අය විසිනුයි. ඒත් අප මෙම ඉතිහාසයෙන් ඉගෙන ගෙන නොමැති නිසා විධික්‍රමයක් ලෙස නිර්ප්‍රචණ්ඩ අරගලය පුළුල් ලෙස වැරදියට වටහාගැනීමට ලක් වී තිබෙනව.

මට මෑතකදී ඉතියෝපියානු ක්‍රියාකාරිකයින් කණ්ඩායමක් හමු වුනා. ඔවුන් මම නිතර අහල තිබෙන කතාවක් මට පැවසුව. ඔවුන් පැවසුවා ඔවුන් දැනටමත් නිර් ප්‍රචන්ඩ විධික්‍රම පාවිච්චි කරල තිබෙනව සහ ඒවා අසාර්ථක වෙලා තිබෙනව කියල. වසර ගනනාවකට පෙර ඔවුන් විරෝධතාවයක් පවත්වල තිබුණ. ආණ්ඩුව ඔවුන් සියළු දෙනාම අත්අඩංගුවට ගත්ත. එය එතනින් අවසන්.

නිර්ප්‍රචණ්ඩ අරගල පාරේ විරෝධය දැක්වීම් වලට සමානයි කියන අදහස තමයි මෙතන තිබෙන ඇත්ත ගැටළුව. හේතුව නම්, විරෝධතා මිනිසුන්ට වෙනසක් අවශ්‍ය යැයි පෙන්නුම් කිරීමට හොද මාර්ගයක් වුවත් ඒවායින් පමනක් ඔවුන්ට වෙනසක් නිර්මාණය කල නොහැකියි. අවම වශයෙන් වෙනස කියන එක මූලිකයි. බලවත් විරුද්ධවාදීන් මිනිස්සුන්ට අවශ්‍ය දේ ඔවුන් හොදින් ඇසුවා හෝ නොඇසුවා කියල පමණක් ලබා දෙන්නේ නැහැ.

නිර්ප්‍රචණ්ඩ අරගලයක් සාර්ථක වන්නේ විරුද්ධවාදියා විනාශ කිරීමෙන්. ශාරීරිකව නොවෙයි.  එය සිදු කල හැක්කේ විරුද්ධවාදියාට පවතින්නට අවශ්‍යකරන ආයතන මොනවාද යන්න හදුනාගෙන පසුව එම බලය සපයාදෙන මාර්ග වසා දැමීම හරහායි.  නිර්ප්‍රචණ්ඩ ක්‍රියාකාරීන්ට හමුදාව නිශ්ක්‍රීය කරන්න පුළුවන් හමුදා සෙබළුන්ට හමුදාව හැර යාමට සැලැස් වීමෙන්. ආර්ථිකයට බාධා කරන්නට පුළුවන් වර්ජන සහ බෝයිකොට් කිරීම් මගින්. රජයේ ප්‍රචාරන යාන්ත්‍රණයට අභියෝග කිරීමට පුළුවන් විකල්ප මාධ්‍ය නිර්මාණය කිරීම හරහා.  මේ සදහා විවිධ ක්‍රියා මාර්ග යොදා ගැනීමට පුළුවන්.

මගේ සගයා සහ ගැරුවරයාවන ජීන් ෆාප් නිර්ප්‍රචණ්ඩ අරගල විධික්‍රම 198 හදුනාගෙන තිබෙනව. විරෝධතා කියන්නේ ඉන් එකක් පමණයි. මම ඔබට උදාහරණයක් ලබා දෙන්නම්. මාස කිහිපයකට කලින් ගුවාතමාලාව සංවිධිත අපරාධ සමග සම්බන්ධව හිටපු දූෂිත හමුදා  නිළධාරීන් විසින් පාලනය කරමින් සිටියා. මිනිස්සුන්ට මේ ගැන අවබෝධයක් තිබුන. ඒත් ගොඩක් අයට මේ පිළිබදව කිසිවක් කිරීමට තමන්ට බලයක් නැති සෙයක් හැගුන. ඒ යම් සාමාන්‍ය මිනිසුන් කණ්ඩායමක්, දොලොස් දෙනෙක්, තමන්ගේ මිතුරන්ට මූනු පොත හරහා ඇමතුමක් ගෙන නගරයේ ඇති ප්‍රධාන මාලිගයට පැමිණ යම් පනිවිඩයක් රැගත් පුවරු ප්‍රදර්ශනය කරන්නට එන්න කියන තාක් පමණයි. 

එම පණිවිඩය වූයේ “රැනිසියා යා”  “ඉල්ලා අස්වී ඇත” යන්නයි. ඔවුන් පුදුමයට පත් කරමින් 30000ක් මිනිසුන් පැමිණියා. ඔවුන් මාස ගණනක් එහි රැදී සිටියා. රට පුරාම උද්ඝෝෂණ පැතිරුනා. එක මොහොතකදී සංවිධායකයන් බිත්තර දහස් ගණනක් රජයේ ගොඩනැගිලි වෙත යැව්වා පණිවිඩයකුත් සමග. ‘උඔලට දූෂිත පාලකයින්ගේ පාලනය නැවැත්වීමට අධිශ්ඨානය නැත්නම්, අපෙන් එය ණයට ගත හැකියි “ (if you don’t have the balls to stop corrupt candidates running the office, you can borrow ours) . ජනාධිපති මොලීනා එයට ප්‍රතිචාර දැක්වූයේ තමන් කිසිසේත්ම බලය අතහරින්නේ නැති බව සපථ කරමින්.

විරෝධතාකරුවන්ට අවබෝධවුනා විරෝධතා දක්වමින්, ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න කියමින්, දිගටම රැදී සිටිය නොහැකි බව. ඔවුන්ට අවශ්‍ය වුනා ජනාධිපතිව බිත්තියටම හේත්තු කරන්න. ඉතින් ඔවුන් රට පුරාම මහා වැඩ වර්ජනයක් සංවිධානය කලා, මිනිසුන් සියළු දෙනා වැඩ කිරීම ප්‍රතික්ශේප කරන. ගුවාතමාලා නගරයේ පමනක් ව්‍යාපාර සහ පාසැල් හාරසීයක් වැඩ නැවැත්තුව. මේ අතර රට පුරාම ගොවියෝ ප්‍රධාන මාර්ග අවහිර කලා. දින පහක් ඇතුළත ජනාධිපති තවත් රජයේ නිළධාරීන් ගණනාවක් සමග  ඉල්ලා අස්වුනා.

Guatemala protests: Thousands call for President Otto Pérez Molina to resign

ලෝකය පුරා නිර්ප්‍රචණ්ඩ අරගල විධි ක්‍රම භාවිතා කරන මිනිසුන්ගේ නිර්භීතකම සහ නිර්මාණශීලීත්වය මාව උත්තේජනයට පත් කරනව.  උදාහරණයක් ලෙසට මෑතකදී උගණ්ඩාවේ සමාජ ක්‍රියාකාරිකයින් කණ්ඩායමක් ඌරන් රැලක් පාරවල්වලට මුදා හැරිය. ඔබට මෙතනදි දකින්න පුළුවන් පොලීසිය මේකට මොනවද කරන්නේ කියල හිතාගන්න බැරිව සිටින හැටි. ඌරන්ව පාලක පක්ශයේ වර්ණයෙන් පාට කරල තිබුණ. එක ඌරෙක් තොප්පියක් පවා දමා ගෙන සිටියා. ඒ මිනිස්සු දැක්කගමන් හදුනාගතහැකි තොප්පියක්.

ලෝකය පුරා ක්‍රියාකාරීන් මාධ්‍ය අවධානය ලබාගැනීම සම්බන්ධයෙන් සාර්ථකවෙමින් සිටිනව. නුමුත් මෙම හුදකලා ක්‍රියාවන් සාර්ථක වීමේ ඉඩ අඩුයි, ඒවා විශාල සැලැස්මක් කොටසක් නොවනතාක්. පෙනරාල්වරයෙක් සටන් භූමියට පා නගන්නෙ නැහැ යුද්ධය දිනීමට සැලැස්මක් ඔහු සතුව නැත්නම්. නුමුත් මේ ආකාරයට තමයි ලෝකය පුරා බොහොමයක් නිර් ප්‍රචණ්ඩ ව්‍යාපාර ක්‍රියා කරන්නේ. නිර් ප්‍රචණ්ඩ අරගලය මිලිටරි යුද්ධයක් වගේම සංකීර්ණයි. එයට සහබාගිවන්නන් හොදින් පුහුණු වී සිටිය යුතුයි. ඔවුන්ට පැහැදිලි අරමුණු තිබිය යුතුයි. ඒ වගේම එහි නායකයන්ට එම අරමුණු සාර්ථක කරගන්නේ කෙසේද යන්න පිළිබද සැලැස්මක් තිබිය යුතුයි.

යුද්ධයේ උපක්‍රම වසර දහස් ගණනාවක් පුරා වර්ධනය වී තිබෙනව. සම්පත් රාශියක් එය සතුයි. අපගේ හොදම බුද්ධිමතුන් එය තේරුම් ගැනීමට සහ එහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට කැප වී සිටිනව. මේ අතර නිර් ප්‍රචණ්ඩ අරගල විධිමත්ව අධ්‍යනය වී ඇත්තේ කලාතුරකින්. ඒ වගේම ලෝකය පුරාම මෙම අරගල වර්ධනය වෙමින් පැවතියත් තවම සුළු පිරිසක් තමයි එය උගන්වමින් සිටින්නේ. මෙය භයානකයි. මක් නිසාද යත් අප දැන් දන්නව ගැටුම් සම්බන්ධයෙන් වන අපගේ පැරණි එළඹුම් අප මුහුණ දෙමින් සිටින නව අභියෝග සදහා ප්‍රමාණවත් නොවන බව.

ඇමෙරිකානු ආණ්ඩුව මෑතකදී පිළිගත්තා ඔවුන් අයි එස් අයි එස් සමග යුද්ධයේදී අසීරු තාවයක සිටින්නේ කියල. ඒත් බොහෝ මිනිසුන් දන්නේ නැහැ අයි එස් අයි එස් සංවිධානයට එරෙහිව නිර් ප්‍රචණ්ඩ ක්‍රියා භාවිතා කරමින් මිනිස්සු නැගී සිටල තිබෙනව කියල.  අයි එස් අයි එස් සංවිධානය 2014 වර්ශයේදී මෝසුල් අල්ලාගත් විට ඔවුන් දැනුම් දුන්නා ඔවුන්ගේ මූලධර්මවාදී දෘෂඨිවාදය මත පදනම් වූ නව පාසැල් විශය නිර්දේශයක් ගෙන එන බව. ඒත් පාසලේ මුල් දිනයේ කිසිම කිසිම ශිෂ්‍යයෙක් පැමිණියේ නැහැ. දෙමවුපියන් ඔවුන්ව පාසැලට එවීම ප්‍රතික්ශේප කලා. ඔවුන් මාධ්‍යවේදීන්ට පැවසුවා දරුවන්ගේ මොළ සුද්ධකරන්ට දෙනවාට වඩා ඔවුන් දරුවන්ට ගෙවල් තුළ තබා  අධ්‍යාපනය දෙනවා කියල.

මේ විරෝධය පෑමේ එක් ක්‍රියාවකට උදාහරණයක්. එක නගරයක පමණක්. එත් අපි මේ ක්‍රියාව අයි එස් අයි එස් සංවිධානයට විරුද්ධව ක්‍රියාත්මකවන තවත් නිර්ප්‍රචණ්ඩ විරෝධතා ගණනාවක් සමග සම්බන්ධ කලෝත්? මේ දෙමවුපියන්ගේ විරෝධය අයි එස් අයි එස් සංවිධානයට ක්‍රියාත්මක වීමට ඉඩ සලසන සම්පත් හදුනාගෙන ඒවා කපා හරින විශාල සැලැස්මක කොටසක් වූවා නම්? ආහාර නිශ්පාදනයට අවශ්‍ය පුහුණු ශ්‍රමය, තෙල් කැනීමට සහ පිරිපහදු කිරීමට අවශ්‍ය ඉංජිනේරුවන්, මාධ්‍ය යටිතල පහසුකම් සහ මාධ්‍ය ජාලාවන්, ප්‍රවාහන ව්‍යුහයන්, දේශීය ව්‍යාපාර ආදී වශයෙන්. සමහරවිටක නිර්ප්‍රචණ්ඩ ක්‍රියා  හරහා අයි එස් අයි එස් සංවිධානය පරාජය කිරීම සිතාගත නොහැකි දෙයක් විය හැකියි.  නුමුත් ගැටුම් පිළිබද අපගේ සිතීමට සහ ඒවාට මුහුණ දීමට අපට ඇති තෝරා ගැනීම් වලට අභියෝග කිරීමට දැන් කාලයයි.

මේ තිබෙන්නේ බෙදාගැනීමට වටිනා අදහසක්. මානව අවශ්‍යතා වඩා හොඳින් සපුරාලීම සඳහා නිරන්තරයෙන් සංශෝධනය ලද අනෙකුත් පද්ධති සහ තාක්ෂණයන් සමඟ අප ක්‍රියා ආකාරයටම අපි නිර් ප්‍රචණ්ඩ ක්‍රම සාර්ථක වී ඇති තැන් පිළිබද වැඩියෙන් ඉගෙනගමු සහ ඒවා වඩාත් බලපෑම් සහගත කල හැක්කේ කෙසේද යන්න ඉගෙනගමු. සමහරවිටක නිර්ප්‍රචණ්ඩ විරෝධතා යුද්ධයට විකල්පව වැඩි වැඩියෙන් භාවිතා වන මට්ටමකට අපට වැඩිදියුණු කළ හැකිවේවි.

එවිට හිංසනය ගැටුම්වල ආයුධයක් ලෙස භාවිතා කිරීම අතහැර දැමීමට හැකිවේවි. හරියට අතීතයේ දුනු ඊතලවලට වලට සිදුකලා වගේ. මොකද අපි ඒවා වෙනත් වඩාත් සාර්ථක ආයුධ මගින් විස්ථාපනය කරල තිබෙනව. මානව නවෝත්පාදනයන් හරහා නිර්ප්‍රචණ්ඩ විධික්‍රම යුද්ධවලදී යොදා ගැනෙන නවතම තාක්ෂණයන්ට වඩා අපට  බලවත්කල හැකියි. මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨතම බලාපොරොත්තුව පවතින්නේ ප්‍රචණ්ඩත්වය හෙළා දැකීම තුළ නොව ප්‍රචණ්ඩත්වය අභාවයට යාම තුළයි.

අනුවර්තනය – බුද්ධික බණ්ඩාර