Fair Trade – විකල්ප වෙළඳාමක්; සාධාරණ සමාජයක්.

පෙරවදන

”සධාර්මික වෙළඳාම: විකල්ප වෙළඳාමක්; සාධාරණ සමාජයක්” යන මෙම කෘතිය අප මුද්‍රණයෙන් පළ කරනුයේ නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති විසින් ගෝලීය වශයෙන් මහත් අර්බුදයක් උත්සන්න කරමින් තිබෙන අවස්ථාවකදී ය. ආර්ථික තලයේ දී විශාල ලෙස එල්ල වන පීඩනයට එරෙහිව ලෝකය පුරා මිනිසුන් සහ ගැහැණුන් සංවිධානය වෙමින් සිටින මොහොතක, ආර්ථිකය සහ වෙළඳාම වඩාත් සාධාරණ ලෙස සංවිධානය කරන්නේ කෙසේ ද යන්න හුදු ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ ප‍්‍රශ්නයක් නොව, දේශපාලනික වශයෙන් තීරණාත්මක ගැටළුවකි.

2007-2008 වර්ෂවලදී අප සේතුක ප‍්‍රකාශකයෝ සංවිධානය ගොඩනගාගන්නා විට ශ‍්‍රී ලංකාව විවිධාකාරයේ මූලධර්මවාදී දේශපාලනික-සංස්කෘතික ප‍්‍රවාහයන්හි වැඩබිම බවට පත් වී තිබුනි. එවකට අපගේ අවධානය යොමුවූයේ මූලධර්මවාදය සහ නවලිබරල්වාදය අතර සම්බන්ධය කෙරෙහි ය. පසුගිය දශක තුනක කාලයක් පුරා ලෝකයේ අන් රටවල් මෙන්ම ශ‍්‍රී ලංකාව ද නවලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තිවල සැඬසුළඟට හසු විය. ඊට සමඟාමීව ශ‍්‍රී ලංකාවේ ඇති වූ විශාල සංස්කෘතික වෙනස්කම් පිළිබඳව ශ‍්‍රී ලංකාවේ වාම කණ්ඩායම් අතර ඇතිවූ සංවාදය ශෝචනීය ලෙස ඉතා සම්ප‍්‍රදායවාදී ආකාරයන්ගෙන් කෙළවර වුනි. අප “මීනා: දිදුලන ඇෆ්ගන් තරුව” සහ “නව ඇරඹුමකට පෙරවදනක්” යන කෘති ද්විත්වය මුද්‍රණයෙන් පළ කලේ මේ පිළිබඳ සංවාදය එවකට හදිසි අවශ්‍යතාවයක්බවට පත්වී ඇති බව අපට හැඟුණු බැවිනි. ස්ත‍්‍රී පුරුෂ සබඳතා පිළිබඳව වඩාත් රැඩිකල් සහ නිදහස්කාමී සංස්කෘතියක් නිර්මාණය කිරීමට අත්‍යවශ්‍ය යයි අපට හැඟුණු විෂයක් වූ මනෝවිශ්ලේෂණය ආශ‍්‍රයෙන් ලියවුනු කෘතියක් වූ ”තැපැල් කරනවාට වඩා හසුන්පත් ස්ත‍්‍රීන් ලියන්නේ ඇයි?” යන කෘතිය පරිවර්තනය කිරීමට යෙදුනි. “අප අතර සැරිසරන ඇදහිලි කල්ලි” යන සමාජ විද්‍යාත්මක කෘතිය පළ කිරීමට අප උත්සුක වූයේ එවකට ශ‍්‍රී ලංකාව පුරා වේගයෙන් පැතිර යමින් තිබූ ආගමික සහ ආගමික නොවන ඇදහිලි කල්ලි පිළිබඳව අප සමාජය දැනුවත් කිරීමට ය. ආගම සහ දේශපාලනය මුවාවෙන් පුද්ගලයන්ව සූරා කන, දේශපාලනික සංවිධානවල ජවය අභ්‍යන්තරයෙන් දියකර හරින කණ්ඩායම් ආකෘතියක් වන ඇදහිලි කල්ලි, සමාජ සහ සංස්කෘතික අර්බුදයන් පවතින කාල වකවානුවලදී මෙසේ මතුවන බවට අනතුරු ඇඟවීම මෙම කෘතිය පළකිරීමේ ලා තවත් අරමුණක් විය.

අපගේ මෙම පස්වන කෘතිය එක්තරා ආකාරයකට අපව අපගේ ආරම්භක ලක්ෂ්‍යය වෙතම රැගෙන යයි. මාක්ස් මීට බොහෝ කලකට පෙර පැවසූ සේම “මිනිසුන්ගේ පැවැත්ම තීරණය කරනු ලබන්නේ ඔවුනගේ විඥනයෙන් නොවේ; එ වෙනුවට ඔවුන්ගේ විඥනය තීරණය කරනු ලබන්නේ ඔවුන්ගේ සමාජ පැවැත්මෙනි.” එබැවින් අප සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳව ගෙනයන මෙම සංවාදයේ අවධානය අත්‍යාවශ්‍යයෙන්ම ආර්ථිකය දෙසට යොමු විය යුතු ය. ආර්ථිකය විසින් සියල්ල තීරණය කරයි යන ග‍්‍රාම්‍ය මාක්ස්වාදය ඉදිරිපත් කිරීම අපගේ උත්සහය නොවේ. එහෙත් දැනට ශ‍්‍රී ලංකාව තුළ ඇති වාමවාදී කතිකාව බොහෝ දුරට ආර්ථිකය මඟහැර යයි. නවලිබරල්වාදය පිළිබඳ සංවාද පවා බොහෝ විට එහි දේශපාලන ආර්ථිකය මඟහැර ගොස් එය දේශපාලනික සංස්කෘතික ක‍්‍රියාවළියක් ලෙස තේරුම් ගැනීමට උත්සහ කරයි.

එම නිසා අප මෙම කෘතිය හරහා උත්සහ කරන්නේ ගෝලීය ආර්ථිකයේ නව යථාර්ථයන්, ප‍්‍රායෝගික ලෙස ක‍්‍රියාත්මක වූ දේශපාලනික-ආර්ථික සමාජ ව්‍යාපාරයක ඉතිහාසය ඇසුරින් විග‍්‍රහ කිරීමට ය. මෙම කෘතිය විසින් සධාර්මික වෙළඳාම පිළිබඳව හැඳින්වීමක් කරන අතරම, එම ව්‍යාපාරයේ ඉතිහාසය, එහි මූලධර්ම සහ ප‍්‍රතිපත්ති සහ එය වර්තමානයේදී මුහුණ දෙන අභියෝග පිළිබඳ විශ්ලේෂණයක් හරහා වඩාත් සාධාරණ ආර්ථික ක‍්‍රියාවළියක් යනු කුමක් ද යන ප‍්‍රශ්නය මතු කරයි. එනයින් ගත් කළ මෙය සධාර්මික වෙළදාම පිළිබඳ න්‍යායික විවාදයකට පිළිතුරු දෙන්නක් නොවේ; එමෙන්ම එය සධාර්මික වෙළඳාම පිළිබඳව අත්පොතක් ද නොවේ. ධනවාදයට අභියෝග කිරීම ප‍්‍රායෝගික කාරණයක් බැවින්, විකල්ප ආර්ථික ක‍්‍රම සංවිධානය කරන්නේ කෙසේ ද එසේ කිරීමේදී මතුවන ගැටළු මොනවාද යන කරුණු ප‍්‍රායෝගික භාවිතයක් ආශ‍්‍රයෙන් සාකච්ඡා කිරීමට මෙම පොත පිටිවලක් වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. ගෝලීයකරණය යනු ඉහල සිට පහළට ක‍්‍රියාත්මක වන බලව්‍යුහයක් ලෙස පමණක් නොව, ලොව පුරා අරගල එකිනෙක හා සම්බන්ධ කරමින් පහළ සිට ඉහලට ද සංවිධානය කරන ක‍්‍රියාවළියක් ලෙස ද තේරුම් ගැනීමට අප ඔබට ආරාධනා කරමු.

සේතුක ප‍්‍රකාශකයන්ගෙන්
2011 ඔක්තෝම්බර් 04

“සධාර්මික වෙළඳාම – විකල්ප වෙළඳාමක් : සාධාරණ සමාජයක්  පොතෙහි පෙරවදනින් උපුටා ගත්තකි.

සේතුක ප‍්‍රකාශකයන්ගේ අනිකුත් කෘති

පිටපත් අවසන්ව ඇත

පිටපත් අවසන්ව ඇත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )