අසීරු ජීවිතයකට සමුදීම – ලින්කින් පාර්ක් ගායක චෙස්ටර් බෙනින්ටන් (1 කොටස)

bw-chester-bennington-live-blue-2010-a-billboard-1548

Crawling in my skin

These wounds will not heal

Fear is how I fall

Confusing what is real

(Crawling – Hybrid Theory)

පසුගිය වසරෙදී තවත් ජනප්රිය තාරකාවක් ජීවිතය හැර ගියේය. ඔහු අතිශය ජනප්රිය ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමෙ ප්රධාන ගායක චෙස්ටර් බෙනින්ටන්ය. ඔහු ජීවිතය හැර ගිය බව ඔහුගේ සංගීත කණ්ඩායමෙ සගයෙකු වූ මයික් ශිනෝඩා සිය ට‘විටර් ගිනුම හරහා වාර්තා කලේ

‘මම තිගැස්මට පත්වෙලා. මගේ හදවත බිදිල, ඒත් එය සත්‍යයක්, නිළ ප්රකාශයක් අප වෙත ලැබුන වහාම අප ප්රකාශයට පත් කරන්නම් ”

ලෙසය. චෙස්ටර්ගේ හදිසි මරණය සංගීත ක්ශේත‍්‍රයේ දැඩි සංවෙගයක් හා කම්පනයක් ඇති කලේය. ඔහුගේ රසික රසිකාවියන්, මිතුරු මිතුරියන් හා සහෝදර සංගීත ශිල්ප ශිල්පිනියන් චෙස්ටර් ගේ වියෝව විවිධ ආකාරයෙන් සමරනු දැකිය හැකි විය.

මෙ අතර චෙස්ටර්ගේ පෙර පරම්පරාවෙ කලා කරුවන් වූ බ්‍රයන් ඇඩම්ස්, බිලී අයිඩල්, චෙස්ටර්ගේ සමකාලීනයින් වූ ජස්ටින් ටිම්බර්ලේක්, නිකල්බැක්, සහ චෙස්ටර්ගේ පසු පරම්පරාවෙ රියානා, චේන් ස්මෝකර්ස්, ඉමැජින් ඩ්රැගන්ස් වැනි යුගයන් ගනනාවක් නියෝජනය කරන කලාකරුවන් චෙස්ටර්ගේ වියෝව සැමරීම වෙනුවෙන් එක්ව සිටීම විශේෂයකි. ප්රවීන ඇමෙරිකානු නිශ්පාදකවරයකු හා තිර රචකයකු වූ ජෝස් වේඩ්න් චෙස්ටර්ගේ සංගීතය ඔහුගෙ ජීවිතයට බලපෑ ආකාරය තම ට්විටර් ගිනුමේ මෙසේ සටහන්කර තිබිනි.

‘තව්සන්ඩ්ස් සන්ස්  ඇල්බමය මාව භයානක අදුරු කාලයකින් බේරා ගත්තා. මම එයට ණය ගැතියි. ඔබට ස්තූතියි. සාමදානයෙන් සැතපෙන්න චෙස්ටර්. ඔබ මා සමග සිටියානම්.”

චෙස්ටර්ගේ සමුගැනීම ඔහුගේ රසික රසිකාවියන්ට කෙතරම් ආත්මීයමව බලපා ඇත් ද යන්න වේඩ්න් ගේ ප්රකාශය තුළින් පැහැදිලි වෙ.

චෙස්ටර්ගේ අසීරු ළමාවිය

ඇමෙරිකානු ජාතිකයකුවන චෙස්ටර් බෙනින්ටන් උපත ලබන්නේ 1976 වසරෙ ෆීනික්ස් නගරයේ ය. ඔහුගේ මව හෙදියක් වන අතර පියා ළමා අපචාර සම්බන්ධයෙන් පරීක්ශණ කරන පොලිස් පරීක්ෂකවරයෙකි. චෙස්ටර්ගේ ළමාවිය හා තරුණවිය ඇමෙරිකානු සමාජයේ එක් අදුරු පැතිකඩක ප‍්‍රතිමූර්තියකි. චෙස්ටර්ගේ දෙමාපියන් ඔහු එකලොස්වන වියේදී වෙන්වන අතර ඔහු එම සිදුවීමට සමගාමීයව මත්ද්රව්‍ය වලට යොමු වෙ. චෙස්ටර් පසුකාලීනව මත්ද‍්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වුවද ඔහු ජීවිත කාලය පුරාම මත්පැන් ඇබ්බැහිය සමග දීර්ඝකාලීන අරගලයක යෙදී සිටියේ ය.

ළමා වියේදී ඉතා කෙසග ශරීරයක් තිබූ චෙස්ටර් ඇමෙරිකානු ළමා වියට මුහුණදීමට සිදුවන තවත් එක් අදුරු අත්දැකීම් කලාපයක් වන අයුතු බලපෑම් (Bullying)  වල පහසු ගොදුරක් විය. චෙස්ටර් පසුකාලීන සම්මුඛ සාකචචාවලදී ළමා වියේදීත්, පාසැල් කාලයේදීත් තමන් සමකාලීන සිසුවන්ගෙන් හා වැඩිමහල් සිසුවන්ගෙන් පීඩා විදි ආකාරය එලි කර ඇත. විශේෂයෙන් චෙස්ටර් සත්වැනි වියේ සිට දහතුන්වන විය දක්වා වැඩිමහලු යහළුවකු අතින් ලිංගික අපයෝජනයට ලක්වීම මේ අතර ප්රධාන වේ

 

මෙම පීඩාකාරී අත්දැකීම් එක්තරා ආකාරයකට චෙස්ටර්ගේ පුද්ගලික අභාග්‍යසම්පන්න භාවයකට වඩා සමකාලීන අමෙරිකානු ළමා වියේ හා තාරුණ්‍යයේ සුලබ හා ප්රමුඛ ගැටථවකි. මෙම අර්බුදකාරී වාතාවරනය, හරහා ඇතිවන කාන්සාව කනස්සලුකාරීත්වය, පරාරෝපිත හැගීම්  හා කෝපය චෙස්ටර්ව යොමුකරවන්නේ තවත් එවන් අත්දැකීම්  විදි පරම්පරාවක ආත්ම ප‍්‍රකාශනයක් බවට පත්වූ සංගීත ධාරාවක්වන ග‍්‍රන්ජ් සංගීතය දෙසටය.

මෙම පීඩාකාරී අත්දැකීම් එක්තරා ආකාරයකට චෙස්ටර්ගේ පුද්ගලික අභාග්‍යසම්පන්න භාවයකට වඩා සමකාලීන අමෙරිකානු ළමා වියේ හා තාරුණ්‍යයේ සුලබ හා ප්රමුඛ ගැටථවකි. මෙම අර්බුදකාරී වාතාවරනය, හරහා ඇතිවන කාන්සාව කනස්සලුකාරීත්වය, පරාරෝපිත හැගීම්  හා කෝපය චෙස්ටර්ව යොමුකරවන්නේ තවත් එවන් අත්දැකීම්  විදි පරම්පරාවක ආත්ම ප්රකාශනයක් බවට පත්වූ සංගීත ධාරාවක්වන ග්‍රන්ජ් සංගීතය දෙසටය.

9ec91981898c4168b457acdbbc5fc269

ග්‍රන්ජ් (Grunge)  සංගීත විප්ලවය

චෙස්ටර්ගේ තාරුණ්‍යය ගෙවෙන්නේ ග්‍රන්ජ් සංගීතය උපරිම සාර්ථකත්වයට පත්වූ අනූව දශකයි තුළය. ග‍්‍රන්ජ් සංගීතය මූලික වශයෙන් එයට පෙර පරම්පරාවෙ පන්ක් සංගීත ආරෙන් සහ හෙවි මෙට‘ල් සංගීත ආරෙන් අභාශය ලබා නිර්මාණය වූවකි. නිර්වාන, පර්ල් ජෑම්, ඇලිස් ඉන් චේන්ස්, සවුන්ඩ් ගාර්ඩ්න්, ස්ටෝන් ටෙම්පල් පයිලට්ස්, ස්ක්රීමින් ට්රීස් අනූව අශකය තුළ නිර්මාණය වූ ග්‍රන්ජ් සංගීත විප්ලවයේ ඉහලින්ම සිටි සංගීත කණ්ඩායම් ය.  මේ අතර නිර්වාන සංගීත කණ්ඩායම හා එහි කැරිස්මැටික ප‍්‍රධාන ගායක කර්ට් කොබේන් ඇමෙරිකාවෙ සියැටල් නගරය ආශ‍්‍රිතව තරුණ තරුණියන්ගේ යටිබිම්ගත සංගීත ප‍්‍රවනතාවයක් ලෙස පැවති ග‍්‍රන්ජ් සංගීතය බටහිර සංගීත ක්ශේත‍්‍රයෙ ප‍්‍රධාන ධාරාවට ගෙන ඒමේ පුරෝගාමීන් ය.

කෙසේ වුවත් පරාරෝපිත තාරුණ්‍යයේ එක් යුගයක ආත්ම ප‍්‍රකාශනයක් බවට පත්වූ මෙම සංගීත ප‍්‍රවනතාවය අනූව දශකය අගභාගය වන විට ක‍්‍රමයෙන් වියැකී යනු දැකිය හැකිය. එක්තරා අතකින් ආර්ථික අතින් අතිශය සාර්ථකත්වයට පත්වීමත්, තවත් අතකින් ප්රධාන සංගීත ධාරාව තුළ පිළිගැනීමට ලක්වී අවශෝෂණය වීමත් මේ සදහා බලපෑ ප්රධාන හේතු ලෙස හදුනාගත හැක. මෙම ලක්ෂණය සැම යුගයකදීම පවතින ප්රධාන ධාරාවට අභියෝගකරමින් නිර්මාණයවන රුඩිකල් විකල්ප ප්රවනතාවයන්ට පොදු ධර්මතාවයක් ලෙස හදුනාගත හැකි ය.

නුමුත් මෙවන් විකල්ප අවකාශයක් තුළ ආත්මීයව බද්ධවෙමින් ඒ තුළ තමන්ගේ ආවේගයන්, ආතතීන්, ඉචචාභංගත්වයන් හා කෝපයන්  දියකරමින් ඒ තුළ ජීවිතය බෙදාගනිමින් හුස්මගත්නා ප්රජාවකට එවන් අහිමිවීමක දී ගෙවීමට සිදුවන වන්දිය විශාල ය.

ග්‍රන්ජ් සංගීත විප්ලවයේ පෙරටුගාමී සංගීත කණ්ඩායම වූ නිර්වාන සංගීත කණ්ඩායමේ කර්ට් කොබේන් විසි හත්වන වියේදී සිය දිවි හානිකරගත්තේ ජනප්රියත්වයේ හිනි පෙත්තේ සිටියදී ය. තවත් ජනප්රිය සංගීත කණ්ඩායමක් වූ ඇලිස් ඉන් චේන්ස් හි ප්රධාන ගායකයා වූ ලේන් ස්ටලි තිස් පස්වන වියේ දී ඔහුගේ පුද්ගලික නවාතැනේ දී හුදකලාව මියගියේ මත්ද්රව්‍ය ප්රමානය ඉක්මවා භාවිතා කිරීම හේතුවෙනි. මෙලෙසම ස්ටෝන් ටෙම්පල් පයිලට්ස් හි ප්රධාන ගායකයා වූ ස්කොට් වෙලන්ඩ් ද මත්ද්රව්‍ය ප්රමානය ඉක්මවා භාවිතා කිරීම හේතුවෙන් මිය ගියේ ය. එමෙන්ම සව්න්ඩ් ගාර්ඩ්න් හි අතිශය ජනප‍්‍රිය ප්රධාන ගායක ක්රිස් කෝර්නෙල් මෑතක දී සිය දිවි හානිකර ගත්තේ ය. චෙස්ටර් සම්මුඛ සාකච්චාවක දී පවසා ඇති ආකාරයට ස්කොට් වෙලන්ඩ් ඔහු වඩාත් ප්රියකල හා මුල් කාලීනව අනුගමනය කල ගායකයෙකු ය. එමෙන්ම ක‍්‍රිස් කොනෙල් ඔහුගේ ඉතා සමීපතම මිත්රයෙකු ය.

benningtoncornelllive2008

 

මෙම කරුණු හුදෙක් හුදකලා පුද්ගල ඛෙදවාචකයන් ට වඩා ඔබ්බෙන් පවතින සංකීර්ණ සමාජ ගැටුම් හා කාන්සාවන් පිළිබද ඉගි අපට සපය යි. එමෙන්ම එක් අතකින් සංකීර්ණ පුද්ගල හා අන්තර් පුද්ගල සමාජ මානසික ගැටුම් ද, එයට ප්රතිචාරයක් ලෙස මතුවන රුඩිකල් හා විකල්ප ජීවන රටා ද, තවත් අතකින් එය මත නිර්මාණය වෙන ඩොලර් බිලියන ගනනක සංගීත වෙළදපළක් ද අතර පවතින අනවරත ගැටුම බොහෝ විට අවසන්වන්නේ ඉහත සදහන් ආකාරයේ ඛෙදනීය ආකාරයන්ගෙනි. මෙම තත්වය තවත් දරුණු වන්නේ මේ සමග තවත් ඩොලර් බිලියන ගනනක වටිනාකමකින් යුක්ත නීති විරොධී මත්ද්රව්‍ය වෙළදපළ ද සම්බන්ධ වීමෙනි. මෙහි ආසන්නතම උදාහරණය අපගේ යුගයේ තවත් එක් සුවිශේෂී කලාකරුවකු වූ චෙස්ටර් බෙනින්ටන්ගේ සියදිවි හානිකර ගැනීම ය.

කෙසේ වෙතත් සෑම යුගයකම එහි අනාගත සමාජය වඩාත් පොහොසත් වන්නේත්, විචිත්ර වන්නේත්, අවසානයේ එය නිර්වචනය වන්නේත්, එයට පෙර සමාජයේ අදුරු කලාපයන්වල ඉපදී, ඒ අදුරට එරෙහිව තමන්ගේ ජීවිතය නිර්මාණශීලීව පුපුරවාහරින ලද පරම්පරාවක අරගල හරහා ය.

ග්‍රන්ජ් සංගීත විප්ලවය අනූව දශකය අවසන් වන විට වියැකී ගිය ද එහි සමාජමය හා කලාත්මක බලපෑම ඉමහත් ය. එය එම යුගයේ අධිපති සමාජ පිලිගැනීම් හා ජීවන රටාවන් වලින් හෙම්බත්ව විකල්ප ජීවන රටාවක් සොයාගිය තරුණ පරම්පරාවක ජීවන ප‍්‍රකාශනය බවට පත් විය. එපමනක් නොව සංගීතමය ප‍්‍රවනතාවයක් ලෙස එය සංගීත ක්ශේත්රය තුළ නැවුම් වෙනසක් නිර්මාණය කල අතර එය ඉන් පසු බිහිවූ විවිධ සංගීත ආරන්ගේ වර්ධනයට බලපෑවෙ ය.

ලින්කින් පාර්ක් හි සංගීතය පැහැදිලිවම ග්‍රන්ජ් සංගීතයේ ම තවත් දිගුවකි. එනිසා එය සංගීත විචාරකයන් හදුන්වන්නේ පෝස්ට් පන්ක් සංගීත ආරක් ලෙස ය.   සංගීතය පැත්තෙන් පමණක් නොව රසික ප‍්‍රජාව පැත්තෙන් ගත්ත ද ලින්කින් පාර්ක් නියෝජනය කලේ ද ග්‍රන්ජ් සංගීතය නියෝජනය කල පවතින සමාජ ක‍්‍රමය පිළිබද හා පුද්ගල පැවැත්ම පිළිබද දැඩිව අපේක්ෂාභංගත්වයට පත්වුනු කෝපවුනු තරුණ පරම් පරාවකි. විවිධ සමාජ හා පුද්ගල පීඩනයන් අභ්‍යන්තරව දරාගත් මෙම තරුණ පරම්පරාවට එම ආත්මීය පීඩනය මුදා හැරීමේ කවුළුවක් ලින්කින් පාක් තම සංගීතය හරහා නිර්මාණය කර දුන්නේය.

 

R-690978-1335170751.jpeg

ලින්කින් පාර්ක් හා හයිබ්රිඩ් තියරි ඇල්බමය

ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායම නිර්මාණය වන්නේ 1996 වසරෙදී පාසල් මිතුරන්වන මයික් ෆිනෝඩා, රොබ් බෝර්ඩ්න් හා බ්රැඩ් ඩෙල්සන්ගේ පුරෝගාමීත්වයෙනි. චෙස්ටර් බෙනින්ටන් මේ හා සම්බන්ධ වෙන්නේ 1999 වසරෙදී ය. ලින්කින් පාක් තම මුල්ම ගීත ඇල්බමය හයිබ්රිඩ් තියරි 2000 වසරෙ දී නිකුත් කල අතර එය අතිශය ජනප්රියතාවයට පත් විය. හයිබ්රිඩ් තියරි හි සංගීතය නිර්මාණය වී තිබුනේ සංගීත ආරයන් කිහිපයක් ඉතා සාර්ථකව එකිනෙක මුහුකිරීම හරහා ය. ග්‍රන්ජ් සංගීතය, රැප් සංගීතය සහ මෙට්ල් සංගීතය මෙහිදී ප්රධාන ය.

එමෙන්ම මෙහි සාර්ථකත්වයට තවත් එක් ප‍්‍රධාන හේතුවක් වූයේ මයික් ෆිනෝඩාගේ රැප් ගායනයත් චෙස්ටර්ගේ සංගීතමය කටහඩත්, සහ ඩේවඩ් මන්ච් ගේ ස්ක්රීම් චිත‍්‍රයට ජීවාත්මයක් ලැබුවා හා සමාන ඩෙස්ටර්ගේ අසමසම උච්ච ස්වරයේ විලාපයත් අතර නිර්මාණය වූ සුසංයෝගයයි. රුප් හා මෙට්ල් සංගීතය එකට මුසුකිරීමේ පුරෝගාමින් ලින්කින් පාක් නොවෙ. බීස්ටී බෝයිස්, රන් ඩී එම් සී සහ රෙජ් එගේන්ස්ට් ද මෙෂින් වැනි කණ්ඩායම් මෙම මුහුව මෙයට පෙර සාර්ථකව අත්හදා බලා තිබුනි.

නුමුත් මෙම සංකලනයේ වඩාත්ම ජනප්රියත්වයටපත් සංගීත කණ්ඩායම ලින්කින් පාර්ක් ය. ලින්කින් පාර්ක් හි හයිබ්රිඩ් තියරි ඇල්බමය  “නූ මෙට්ල්” සංගීත ආරට ප්රමුඛතාවය දුන් ඇල්බමයකි. මෙම ඇල්බමය නිකුත් කල අවධිය හිප් හොප් සහ බබල්ගම් පොප් ලෙස හදුනාගත් සරල පොප් සංගීතය ඉතාමත් ජනප‍්‍රියතාවයට පත් වී තිබූ කාල පරිච්චේදයකි. බැක් ස්ට්රීට් බෝයිස්, එන් සින්ක්, බ්රීට්නි ස්පියර්ස්, සහ එමිනෙම්  ඒ වන විට ජනප්රියත්වයේ ඉහලින්ම සිටියහ. මෙවැනි පසුබිමක විකල්ප සංගීත ප‍්‍රවනතාවයක් වූ නූ මෙට්ල් සංගීත ආරට නිර්මාණයවූ හයිබ්රිඩ් තියරි ඇල්බමයේ සාර්ථකත්වය සුවිශේෂී සිදුවීමකි.

අතිශය සාර්ථකත්වය පත්වුනු හයිබ්රිඩ් තියරි ඇල්බමය ලින්කින් පාර්ක් හා චෙස්ටර් බෙනින්ටන් බටහිර සංගීත ක්ශේත‍්‍රයේ ප‍්‍රධාන ධාරාව වෙත ඔසවා තැබී ය. එම ඇල්බමය ලෝකය පුරා පිටපත් මිලියන විසි හතක් අලෙවි වූ අතර එය විසි එක් වන සියවසේ යම් කලාකරුවකුගේ හෝ කලාකාරියකුගේ ප්රථම ඇල්බමයක් ලබා ගත් වැඩිම අලෙවිය වශයෙන් වාර්තා වෙ. එමෙන්ම එය නූ මෙට්ල් ඇල්බමයක් ඉතිහාසයේ මෙතෙක් වාර්තාකල ඉහලම අළෙවිය වෙ. හයිබ්රිඩ් තියරි ඇල්බමයට පසු චෙස්ටර්ගේ මරණය තෙක් ලින්කින් පාර්ක් ගීත ඇල්බමයන් හතක් නිකුත් කර ඇත. මේ ඇල්බමයන් හරහා ඔවුහු විවිධ සංගීත ආරන් එකිනෙක ඉතා නිර්මාණය මිශ්ර කිරීම කලහ.

2cead7ed6b0b45914a289e9e2c519028

ඔවුනගේ මෙම සංගීතමය දායකත්වය විවිධ ආකාරයේ ඇගයීම්වලට ලක් වී ඇති අතර එහිදී ඔවුන් ලබාගත් ග්රැමී සම්මාන දෙක ඒ අතර ප්රධාන වෙ. ඔවුන්ගේ ඉන් ද එන්ඩ්, ක්‍රෝලින්, බ්‍රෙකින් ද හැබිට්, නම් බ්, සම්වෙයා අයි බිලෝන්ග්, වන් ස්ටෙප් ක්ලෝසර් සහ ෆේන්ට් වැනි ගීත අතිශය සාර්ථකත්වයට පත් වූ අතර රසික රීසිකාවියන් අතර ඉමහත් ජනප්රියත්වයට පත් වීය. මෙම ගීතවල සංගීතය, ප් රසාංගිකත්වය හා අර්ථය එම ජනප්රියත්වයේ මූලිකම සාධක විය.

ලින්කින් පාර්ක් හි තවත් විශේෂත්වයක් නම් එහි දිගුකාලීන සාර්ථකත්වයයි. වෙනත් මෙම ආරෙ බොහෝ සංගීත කණ්ඩායම් හා සසදා බලන කල ඔවුනට දශකයක පමණ කාලයක් කණ්ඩායමක් සේ නොබිදී තම ජනප‍්‍රියත්වය හා තම නිර්මාණශීලීත්වය රැකගෙන සිටීමට හැකිවී තිබීම විශේෂත්වයකි. කෙසේ නමුත් මෙම සාර්ථකත්වයන් කිසිවක් චෙස්ටර්ගේ ජීවිතය ගැඹුරින් වෙලා ගෙන සිටි අදුරට සදාකාලික ආලෝකයක් ගෙන දුන්නේ නැත.

ලින්කින් පාර්ක්හි ජනප්රිය  “ඉන් ද එන්ඩ‘” ගීතයෙන් පවසන ආකාරයටම ඔහු එම අදුරෙන් එලියට ඒමට මහත්සේ උත්සාහ කලේය. එම උත්සාහය ඔහුව බොහෝ දුර රැගෙන ගියේය. එහෙත් අවසානයේ ඒ කිසිවකින් පලක් වූයේ නැත.

I tried so hard

And got so far

But in the end

It doesn’t even matter

I had to fail

To lose it all

But in the end

It doesn’t even matter

(In the End-Hybrid Theory)

බුද්ධික බණ්ඩාර

 

2 – කොටස — අසීරු ජීවිතයකට සමුදීම

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )