විකල්ප ක‍්‍රියාකාරීත්වයක් සදහා කියවීමි

විකල්ප ක‍්‍රියාකාරීත්වයක් සදහා  කියවීමි

තිරසර ලංකා – BMICH

March 31- April 04

විශ්ව විද්‍යාල වෙළද කුටි තිබෙන ශාලාව

ලෝකය පුරා සහ ශ‍්‍රී ලංකාවෙි අද දින ආධිපත්‍යධාරීලෙස ක‍්‍රීයාත්මකවන නව ලිබරල් ආර්ථික ක‍්‍රියාවලියේ ගැටලුකාරී සමාජ ආර්ථික හා දේශපාලනික ප‍්‍රතිවිපාකයන්ට හා එය මගින් දිරිගන්වන විශ්වයට ඔරොත්තු නොදෙන අධි පාරිභෝජනවාදී ජීවන ක‍්‍රමයට විකල්පයක් සෙවීම අද අප හමුවෙ ඇති ප‍්‍රධාන අභියෝගයකි.

ලංකාවෙ  විකල්ප සමාජ සංවාදය තුළ නව ලිබරල් වාදී සමාජ ආර්ථික ක‍්‍රියාවලිය තේරුමි ගැනීම හෝ තේරුමි කිරීම යන්න ප‍්‍රධාන වී ඇත’ නුමුත් එය සදහා ඉදිරිපත් කළ හැකි විකල්ප සහ දැනටමත් ප‍්‍රායෝගික තලයේ අත්හදා බලමින් සිටින විකල්ප පිළිබද සංවාදය එතරමි ඉදිරියට පැමිණ නැත’ එවන් සංවාදයක් පොශණය කිරීම සදහා පහත සදහන් කෘති සිංහළ භාශාවෙන් ප‍්‍රකාශයට පතa වී ඇත.

An Agricultural Testament    – කෘෂිකර්ම සංහිතා – ශ‍්‍රීමත් ඇල්බර්ටි හොවර්ඩි

කෘෂිකර්ම සංහිතා යනු කෘෂිකර්ම විෂයෙහි ශාස්ත‍්‍රීය ඉතිහාසයේ මෙන් ම කෘෂිකර්ම ව්‍යවහාර ඉතිහාසයෙහි ප‍්‍රධාන විද්වතෙකු ලෙස පිදුම‘ ලැබූ ශ‍්‍රීමත් ඇල්බර්ටි හොවාර්ඩි විසින් රචිත  ්බ ්ටරසජමකඑමර්ක ඔැිඒපැබඑ නැමති කෘතියේ පරිවර්තනයකි’ මෙම සමිභාවනීය කෘතිය එංගලන්තයේ පස්වරක් ද ඉන්දියාවෙ තුන් වරක් ද ප‍්‍රංශ හා ස්පාඤ්ඤ බසින්ද පළ වී ඇත. මෙය වූ කලි ප‍්‍රබුද්ධ ගොවීන්ට හා කෘෂිකර්ම පර්යේෂකයන්ට අත්පොතකි’ කෘෂිකර්ම ගොවීන්ට හා ශිෂ්‍යයිනට පෙළ පොතකි. පරිසරවෙිදීන්ට උත්පේ‍්‍රරකයකි’ පාතික කෘෂිකර්ම ප‍්‍රතිපත්ති සූත‍්‍ර කරන්නන්ට මං පෙතකි’ පොදු වශයෙන්” සනීපාරක්ෂක වාතාවරණයක් තුළ සෞඛ්‍ය සමිපන්නව ජීවත් වීම අරබයා කාට කාටත් උපදේශයෙකි’

ජානමය වෙනස් කිරීම සහ මරු කැදවන ආහාර – ආචාර්ය වන්දනා ෂිවා

වස විස යොදා නිපදවන හරිත විප්ලවයේ ආහාර වලටත් වඩා අනතුරුදායක ආහාර විශේෂයක් ලෝක ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළ ක‍්‍රියාත්මක වෙි. ඒවානමි, ජානානුව වෙනස් කරමින් නිර්මාණය කරනු ලබන ආහාරයි. පාරසරික ගැටලු හා ජීව විවිධත්වය විනාශ වීම හා බහු ජාතික සමාගමිවල ආධිපත්‍යයට එරෙහිව ක‍්‍රියාත්මකවන ගෝලීය අරගලයේ පෙරමුණ ගෙන සටන් වදින ආචාර්ය වන්ධනා ෂිවා ජානමය වෙනස් කිරීමි හරහා නිපදවන ආහාරවල අනතුර ගැන කරනු ලැබූ කරුණු දැක්වීමක් මෙම කෘතිය හරහා ඉදිරිපත් කෙරෙ’

Fair Trade  සධාර්මික වෙළදාම: විකල්ප වෙළදාමක්: සාධාරන සමාජයක් -බුද්ධික බණ්ඩාර

ලාභය මුල්කරගත් ආර්ථික ප‍්‍රතිපත්ති වලට විකල්පයක් ලෙස ගෝලීයව වඩාත් සාධාරණ ලෙස වෙළදාම සංවිධානය කරන්නේ කෙසේද යන්න පිළිබද  විකල්ප සමාජ ව්‍යාපාරයක කි‍්‍රයාකාරිත්වයක් වු සධාර්මික වෙළදාම පිළිබද වු ව්‍යාපාරය (Fair Trade Movement)  මෙම කෘතිය තුළ සංවාදයට ලක් වෙ. එමෙන්ම ලෝක ආර්ථික ක‍්‍රමය නව ලිබරල්වාදී ආර්ථික ක‍්‍රමයක් ලෙස ඓතිහාසිකව ගොඩනැගුනු අයුරුත්, ලෝක වෙළදාමෙ ඉතිහාසයත් සහ ලෝක සමූපාකාර ව්‍යාපාරයේ ඇස නොගැටුනු සාර්ථකත්වයත් මෙම කෘතිය තුළ අවධානයට ලක් වී ඇත.

කොයිබට යන සංවර්ධනයක් ද – දේශීය බීජ රැක ගැනීමෙි ව්‍යාපාරය

වත් පොහොසත්කමි සංවර්ධනයේ සළකුණ ලෙස අපි සළකා ඇත්තෙමු. මෙ සංවර්ධනය සදහා මිනිසා සොබා දහමෙ වස්තු අසීමිතව ප‍්‍රයෝජනයට ගනී. අද දක්නට ඇති ධනවත් කම සැබෑ ධනවත් කමක් නොව සොබා දහමෙ ඒක රාශී වූ වස්තුව සූරා ගැනීම සදහා තාක්ෂණය භාවිතා කිරීමත් සමග හිටිහැටියේ ලැබුනු දෙයකි. වන්දනා ෂිවාගේ මෙම අදහස් දැක්වීම මත පාදක කර ගනිමින් ගෝලීයව ක‍්‍රියාත්මකවන යුරෝ කේන්ද‍්‍රීය සංවර්ධනයේ සීමාවන් මෙම කෘතිය තුළ අඩංගු වෙ.

 

Cults in Our Midst – Margaret Singer and Janja Lalich  අප අතර සැරිසරන ඇදහිලි කල්ලි

අසමාන හා අසාධාරන ආර්ථික හා සමාජ ක‍්‍රම සමාජය තුළ ආතතීන්, කාංසාවන් හා විවිධාකාරයේ පීඩන නිර්මාණය කරයි.  මෙම තත්වය හමුවෙ මිනිස්සු එම තත්වයන්ට ප‍්‍රතිචාර ලෙස විවිධ ක‍්‍රියාකාරීත්වයන් නිර්මාණය කර ගනිති. සමහරු පුද්ගලික විසදුමි කරා ඉලක්කගත වන අතර සමහරු සාමූහික විසදුමි කරා ඉලක්කගත වෙි. මෙම ක‍්‍රියාකාරීත්වයන් අනිවාර්යයෙන් සමාජ ගැටළුවලට විසදුමි ගෙන එන්නේ නැත. සමහර ක‍්‍රියාකාරීත්වයන් සමාජ ගැටළුවලට පිළිතුරු ලෙස ඉදිරිපත් වුවද ඒවා හුදෙක්ම අදාල ගැටළුවෙන් පලායාම සදහා ඉදිරිපත්වන ව්‍යාජ පරිකල්පනීය පිිළිතුරු වනවා පමනනක් නොව සමාජමය හා පුද්ගලික වශයෙන් ගත්කල ද විනාශකාරී වෙ.

මෙම කෘතිය තුළ අර්බුදකාරී සමාජ වාතාවරනයන් තුළ එයට විසදුමි ලෙස හතු පිපෙන්නා සේ බිහිවන සියළු සමාජ ප‍්‍රශ්න සදහා නිසැක ගැලවීමි, විසදුමි හා නිවැරදිම විග‍්‍රහයන් තමන් ලග ඇතැයි කියමින් බිහිවන විවිධ ගැලවුමිකාරී සංවිධාන හා ගැලවුමිකාරී පුද්ගලයන්ගේ ක‍්‍රියාකාරීත්වය පිළිබද සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කරයි.

Immanuel Wallerstein  නව ඇරඹුමකට පෙරවදනක් – කසුන් සේනානායක

ලෝක පද්ධති න්‍යාය ඇසුරෙන් ගෝලීයකරනය හා ජාතිකවාදයේ වර්තමාන තැග ඒම පරීක්ෂාකරන එමිමෑනුවෙල් වොලන්ස්ටීන්ගේ දේශනවල සිංහල පරිවර්තන මෙම කෘතිය තුළ අඩංගුව ඇත. ධනවාදී හා සමාජවාදී රාජ්‍යයන් දෘෂ්ඨිවාදීව එකිනෙකට වෙනත් අන්තයන් වල සිටියත් එකම සංවර්ධනවාදී ආර්ථික මොඩලයක් ක‍්‍රියාත්මක කල ආකාරයත් එහි ඓතිහාසික බිදවැටීම හා නව ලිබරල්වාදයේ නැගීමත් එයට ප‍්‍රකිචාරයක් ලෙස ජාතිකවාදයෙ නැග ඒමත් මෙම කෘතිය තුළ සාකච‘ඡුාවට ලක් කෙරෙ

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )