විවෘත වෙළඳපළ අප සිතන තරම් විවෘත ද? – 2 කොටස

248380_10150610807490386_634510385_18623084_1466237_n

4 – කම්කරු ක්ෂේත‍්‍රයට අදාළ නීතීන්

ජාත්‍යන්තර වෙළඳ ක‍්‍රියාවලිය තුළ කම්කරු ක්ෂේත‍්‍රයට අදාළ නීති බොහෝ විට
සකස් වී ඇත්තේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නොවේ.
මෙම නීති සකස්ව ඇත්තේ තුන්වන ලෝකයේ රටවල ශ‍්‍රමය ඉතා අඩු මිළකට
ගැනීම සඳහාත් සමාගම්වල ලාභය වැඩි කිරීම සඳහාත් ය. ලෝක බැංකුව හා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකතුව නිර්මාණය කරන ගිවිසුම්වලදී රටවල් අතර
ප‍්‍රාග්ධන සංචරණයට ඇති බාධාවන් ඉවත් කිරීම මූලික කොට සලකයි. මෙම
ක‍්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස තුන්වන ලෝකයේ ශ‍්‍රමිකයන්ට වඩා වැඩි
අවස්ථාවන් හිමිවන බව පැවසුව ද මොවුහු රටවල් අතර ශ‍්‍රමය සංචරණය
වීමට ඉඩ සලසන ක‍්‍රියාමාර්ග ගැනීමට ඉදිරිපත් නොවෙති. මෙහි ප‍්‍රතිඵලයක්
ලෙස විශාල සමාගම්වලට තම මවු රටවල කම්කරු නීති රාමු වලින් පිටතට
ගොස් වෙනත් රට වල ඉතා අඩු මිළකට ශ‍්‍රමය ලබා ගැනීමේ අවස්ථාව උදා වී
ඇත. තුන්වන ලෝකයේ ශ‍්‍රමිකයකුට තමන්ගේ රටවල ශ‍්‍රමයට ගෙවන මිළ අඩු
හෙයින් බටහිර රටකට පහසුවෙන් ගොස් රැුකියාවක් ලබාගත නොහැක. එසේ
හැකියාවන් විවෘත වන්නේ විද්‍යාඥයින් හා වෙනත් එවැනි තලයේ වෘත්තිකයන්
සුළු ප‍්‍රමාණයකට ය.

ලෝකය ගෝලීයකරණය වී ඇතැයි පැවසුවද ශ‍්‍රමය තවමත්
දේශීය සීමා තුළ සිරකර ඇත. මෙම හේතුවෙන් විශාල සමාගම්වලට තම
නිෂ්පාදන ක‍්‍රියාවලීන් ශ‍්‍රමයට අඩු මිළක් ගෙවන කලාපයන්ට විතැන් කරලීමට
හැකියාව ලැබී ඇති අතර මෙම සමාගම්වල ආයෝජනයන් තම රටවලට
ගෙන්වා ගැනීම සඳහා තුන්වන ලෝකයේ රටවල් අතර තරගයක් ඇතිවී ඇත.
මෙම තරගය ශ‍්‍රමිකයන්ගේ පැත්තෙන් බලන කල විශාල ලෙස අවාසි සහගත
ය. එක් පැත්තකින් මෙම ආයෝජන තම රටවලට ගෙන්වා ගැනීම උදෙසා
තුන්වන ලෝකයේ රටවල් තම රටවල ශ‍්‍රමයට අදාළව පවතින නීති පවා වෙනස්
කරනු ලබයි. තවත් අතකට සමාගම්වල වියදම් කපා හැරීමේ ක‍්‍රියාමාර්ගයන්
හි ප‍්‍රධාන ගොදුර බවට කම්කරුවන් පත්වෙයි. මෙම ක‍්‍රියාවලියේදී සමාගම්
විවිධ රටවල පවතින පසුගාමී සංස්කෘතික හා සමාජ සීමාවන් තමන්ගේ ලාභ
ඉපයීමේ ක‍්‍රියාවලිය සඳහා උපකාර කර ගනී. මෙම ක‍්‍රියාවලීන්හි සෘජු ගොදුරු
බවට බොහෝ විට කාන්තාවෝ පත්වෙති.

ගෝලීයකරණ ක‍්‍රියාවලිය හා වෙළඳාම විසින් මෙලෙස මිලියන ගණනක්
කාන්තාවන් වැටුප් ලබන සේවකයින්ගේ තත්වයට පත් කර ඇත. ලෝකයේ
විශාලතම සමාගම්වල ලාභ වැඩිකිරීමට ද, ලෝකයේ අප අද දකින සමෘධිමත්
භාවය ඇතිකිරීමටද, කාන්තාවන්ගේ ශ‍්‍රමය දායක වී ඇත. නමුත් තමන්ගේ ශ‍්‍රමයට
ලැබිය යුතු සාධාරණ ප‍්‍රතිලාභයන් සැලසුම් සහගත ලෙස එම කාන්තාවන්ට
අහිමි කර ඇත. බොහෝ සමාගම් තමන්ගේ සැපයුම් ජාලයන් තුළින් ඉක්මන්,
පහසු හා ලාභදායී නිෂ්පාදනයන් ඉල්ලා සිටී. මෙම උවමනාවන් ඉටුකිරීමට ගන්නා
ක‍්‍රියා මාර්ගයන්ගෙන් වඩාත් පීඩනයට පාත‍්‍ර වන්නේ ස්ත‍්‍රී ශ‍්‍රමිකයන් සහ ඔවුන්ගේ
පවුල්වල සාමාජිකයන් ය. මේ අයට බොහෝ විට සිදුවන්නේ තාවකාලික රැු
කියා සහ සුරක්ෂිතභාවයෙන් තොර ගිවිසුම් සඳහා එළඹීමට ය. එමෙන්ම සැම
විටම නිෂ්පාදනය වේගවත් කීරීම සඳහා ඇති බලපෑම් වලටත්, රැුකියා ස්ථානයේ
මුහුණදීමට සිදුවෙන හිංසනයන්ටත් මොවුහු නිරන්තරයෙන් මුහුණ දෙති.
ආනයනයන් දිරිගැන්වීමටත්, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමටත් මෙම
රටවල රජයන් විශාල තරඟයක යෙදී සිටීම විසින් මෙම තත්වය තවත් නරක
අතට හරවා ඇත. සේවකයන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම වෙනුවට ඔවුහු
එ්වා පහසුවෙන් විශාල සමාගම්වලට විකුණා දමති. 31 මෙම ක‍්‍රියාවලීන් හුදු ලෙස
මෙම රටවල පවතින පසුගාමීත්වයන් මත හෝ රජයන්ගේ එ්කාධිපතිත්වයන්
මතම පැටවිය නොහැක. වර්තමාන ලෝක වෙළඳාම තුළ මෙම ක‍්‍රියාවලීන්ට
විශාල අනුබලයක් දෙන හා එම තත්ත්වයන් ඉල්ලා සිටින ආර්ථික ක‍්‍රියාවලියක්
පවතී. මෙම ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන විසින් විවිධ
රටවලට පනවන කොන්දේසිත්, කම්කරු ක්ෂේත‍්‍රයට අදාළව ගෙන එන නීතීනුත්
විශාල කාර්යභාරයක් ඉටු කරයි. මේවා ජාත්‍යන්තර වෙළඳාම තුළ තුන්වන
ලෝකයේ රටවලට ඉතා අහිතකර ලෙස බලපා ඇත.

OWS-Laptops-cropped-proto-custom_282

 

5- පේටන්ට් අයිතිය
ජාත්‍යන්තර වෙළඳාම තුළ පවතින තුන්වන ලෝකයේ රටවලට ඉතා අහිතකර
ලෙස බලපාන නීතියක් වන්නේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමේ නීතිය
නොහොත් පේටන්ට් අයිතිය යි. මෙම නීතිය බැලූ බැල්මට මිනිසුන්ගේ
නිර්මාණශිලීත්වය හා බුද්ධිමය අයිතිය ආරක්ෂා කිරීමට වැදගත් වන නීතියක්
සේ පෙනෙයි. තමන්ගේ ශ‍්‍රමයෙන් හා බුද්ධියෙන් යමක් නිර්මාණය කළ පසු
එය නිෂ්පාදනය කිරීමේ අයිතිය හා එය කළේ තමන් බවට වන සහතිකයක්
ලැබීමේ ඇති වරදක් තිබෙනවා ද? තවත් අතකින් බලන කළ විශාල සමාගම්
තර්ක කරන ආකාරට මුළු ලෝකයටම වැදගත් වන ජාන සම්පත් ඉතා කුඩා
ජන කණ්ඩායම් තුළ සිර කර තබන එක වැරදි වැඩක් නොවේ ද? බුද්ධිමය
දේපල ආරක්ෂා කිරීමේ නීති පුද්ගලික නිර්මාණයන් සඳහා යොදන විට එතරම්
ගැටළුවක් පැන නගින්නේ නැත. නමුත් මෙම තත්වය ලෝකයම සතු හෝ
ජන සමාජයන් සතු පොදු දැනුමට අදාළ කරන විට විශාල ගැටළුවක් පැන නගී.
විශාල සමාගම් ලෝකයටම අදාළ පොදු දැනුමක් ගැන ප‍්‍රකාශයන් කරනුයේ තම
සමාගමට එම දැණුමෙහි පේටන්ට් අයිතීන් ලැබෙන තෙක් පමණි. එය ලබාගත්
පසු එම දැනුම එම සමාගමට අයත් වන අතර සියල්ලන් එය එම සමාගමෙන්
මිළදී ගත යුතුය. විශාල සමාගම් බුද්ධිමය දේපල පනත කෙරෙහි ආකර්ෂණය
වන්නේ පුද්ගලික නිර්මාණශීලීත්වයන් ආරක්ෂා කිරීමේ අරමුණෙන් නොවේ. එම
ක්ෂේත‍්‍රයේ දී ඔවුහු බොහෝ විට එයට එරෙහි වෙති. විශාල සමාගම් හා ගිවිසුම්
වලට එළෙඔන විට නිර්මාණකරුවන්ට තම නිර්මාණයේ අයිතිය සමාගම වලට
අයිතිවන කොන්දේසිවලට එකඟ වීමට සිදුවේ. බුද්ධිමය දේපළ නීතිය ගැන
සාකච්ඡුාවලදී අපගේ මතකයට එකවරම නැගෙන්නේ කලා කෘතිවල බුද්ධිමය
අයිතිය ගැන වුව ද එම ක්ෂේත‍්‍රයේදී බොහෝ විට තම නිර්මාණවල අයිතිය
කලාකරුවන්ට සමාගම්වලට පැවරීමට සිදු වන බව අපි අමතක කරමු. මෙහිදී
සමාගම් බොහෝ විට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයි. එම ක්ෂේත‍්‍රයේ දී
ඔවුහු නිර්මාණකරණයේ අයිතිය ගැන කතා නොකරති.

විශාල සමාගම් වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ ජන සමාජ
සතු පාරම්පරික දැනුම, බීජ හා ජාන සම්පත් පිළිබඳව ය. මේවා ලෝකයටම
පොදු විය යුතු බවට තර්ක කරමින් ඔවුහු එම ජන සමාජයන්ට එම සම්පත්
පිළිබඳ ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කරති. ලෝක වෙළඳ සංවිධානය විසින් සමාග
ම්වලට මෙම දැනුම සම්බන්ධයෙන් පේටන්ට් ගැනීමේ අයිතිය තහවුරු කර ඇත.
මෙනිසා මොන්සැන්ටෝ, ඩූ පොන්ට්, පයනියර්, නොවටීස් වැනි සමාගම්වලට
විශාල ලාභ ලබා ගැනීමේ අවස්ථාවක් උදා වී ඇත. 32 අනිත් අතට මෙම විශාල
සමාගම්හි පේටන්ට් ආරක්ෂණයන් උදෙසා දුප්පත් රටවල්වලට සෑම වසරකම
ඩොලර් බිලියන 40ක මුදලක් ගෙවීමට සිදුවී ඇත. 33 විශාල සමාගම්වල බලපෑම්
හේතුවෙන් බටහිර රටවල් පේටන්ට් නීතීන් ශක්තිමත් කිරීම සඳහා ලෝකයේ
අනිකුත් රටවල් වලට දිගිින් දිගටම තරවටු කරමින් සිටී. මෙහි ප‍්‍රතිඵලය වන්නේ
අත්‍යවශ්‍ය භාණ්ඩයන් වන බීජ, බෙහෙත් ද්‍රව්‍ය, පොත් පත් හා මෘදුකාංගයන් වල
මිළ අධික ලෙස වැඩි වීම ය.

විශාල සමාගම් තමන්ගේ නියෝජිතයන් ලෝකය පුරා යවමින් එම රට වල ස්වදේශීය ජන සමාජයන් පීරමින් එම සමාජ සතු පාරම්පරික දැණුම්, ජාන සම්පත් හා බීජ වර්ගයන් සොයමින් සිටිනු අද දක්නට
ලැබේ. මෙම ජන සමාජ සතු දැනුම පේටන්ට් නීති හරහා තමන්ගේ සමාගම්
සතු කර ගත් පසු එම ජන සමාජයන්ටම යළි විකුණනු ලැබේ. එපමණක් නොව
ඉන් පසු එම ජන සමාජයන්ට පමණක් නොව වෙනත් කිසිවෙකුට සමාගම්වල
අවසරය නොමැතිව එම දැනුම කිසිම ආකාරයකින් භාවිතා කළ නොහැක. මෙයට
හොඳම උදාහරණය නම් ගෝලීය ඖෂධ සමාගම් ලෝක වෙළඳ සංවිධානයේ
ගිවිසුම් වලට අනුව යමින් දකුණු අප‍්‍රිකාව තුළ එ්ඞ්ස් රෝගය සඳහා මිළ වැඩි
සමාගම්වල ඖෂධ වෙනුවට අඩු මිළ, දේශීයව නිෂ්පාදනය කල ඖෂධ භාවිතා
කිරීමට ඉඩ නොදීමයි. 34

වන්දනා ශිවා පෙන්වාදෙන ආකාරයට මෙම ජෛව කොල්ලයේ ප‍්‍රතිඵල
ඉතා භයානකය. දකුණේ රටවල ජීවත් වන ජනතාවගෙන් 2/3 ප‍්‍රමාණයක ජීවන
මාර්ගයන් හා අවශ්‍යතාවයන් රදා පවතින්නේ මෙම ජෛව විවිධත්වය මතය.
ඉන්දියාව තුළ තිබෙන බීජයන්ගෙන් 70%ක් ගොවියන් විසින් පොදුවේ හුවමාරු
කරගන්නා සහ ඔවුන් විසින් ආරක්ෂා කළ බීජයන් ය. එමෙන්ම දේශීය සුවකීරීම්
වලින් 70ක් පදනම් වී ඇත්තේ දේශීය ශාඛයන් යොදා ගන්නා ස්වදේශීක ඖෂධ
මත ය. ඇය පවසන ආකාරයට සමාගම් විසින් මෙම ජානමය සම්පත් කොල්ල
කා පේටන්ට් අයිතිය හරහා පාලනය කිරීමට පටන් ගත් විට දුප්පත් මිනිසුන්ගේ
ජීවිත ඍජුවම තර්ජනයට ලක්වේ. 35

g20-protests2_1374149c

6 – වෙළඳ ගිවිසුම්
ජාත්‍යන්තර වෙළඳාම තුළ දුප්පත් රටවලට විශාල අසාධාරණයක් සිදුවන අවසාන
දෘඪ නීතිය නම් අසමාන කලාපයන් අතර සිදුවන ද්වී පාර්ශවීය වෙළ`ද ගිවිසුම්
ය. සමාන පාර්ශවයන් අතර සිදුවන වෙළඳ ගනුදෙනුවලදී දෙපාර්ශවයටම එක්
ලෙස ප‍්‍රතිලාභ ලැබිය හැකි බව අපට පහසුවෙන් අවබෝධ කරගත හැක. එහෙත්
බලවත් හා දුප්පත් ආර්ථිකයන් දෙකක් අතර ඇතිවන ගිවිසුම්වලදී නිරන්තරයෙන්
බලවත් රටට වැඩි වාසි අත් වේ. මෙම ගිවිසුම් වල ප‍්‍රධාන ඉලක්කය වන්නේ
ගිවිසුමට අදාළ රටවල් අතර වෙළඳාමට ඇති බාධාවන් ඉවත් කිරීම ය. නමුත්
දුප්පත් රටවල පැත්තෙන් බලන කළ වෙළඳාමට ඇති බාධාවන් පුර්ණ වශයෙන්
ඉවත් කිරීම යන්නෙහි තේරුම දුප්පත් රටවලට තමන්ගේ දේශීය කර්මාන්ත
ආරක්ෂා කර ගැනීමට සහ දුප්පත් ගොවියන් ලාභ ආනයන වලින් ආරක්ෂා කර
ගැනීමට ආනයන බදු පැනවීමට නොහැකි බව ය. 36 ලෝක වෙළඳ සංවිධානය
හමුවේ බලවත් රටවල් ඉදිරිපත් කරන අවාසිදායක ඉල්ලීම්වල ට යටත් වීමට
දුප්පත් රටවලට නිතරම සිදුවන අතර දුප්පත් රටවලට ජාත්‍යන්තර වෙළඳාමට
පිවිසීමේ විශාල බාධාවක් ලෙස එ්වා පවතී.

32. Cavanagh, John and Jerry Mander. 2004. Alternatives to Economic
Globalization: A Better World is Possible. San Francisco: Berrett-
Koehler.
33. Oxfam International. “The rigged rules of global trade.” Web. April
22, 2010.
34. Cavanagh, p. 115.
35. Cavanagh, p. 117.
36. Oxfam International. “The rigged rules of global trade.” Web. April
22, 2010.
බුද්ධික බණ්ඩාර

සධාර්මික වෙළඳාම

විකල්ප වෙළඳාමක් : සාධාරණ සමාජයක්

ග‍්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )