ඇදහිලි කල්ලි තේරුම් ගැනීමට – The Dangerous Devotion to Cults (Full Documentary)

51LWLDBe+AL._SY300_

සමාජයේ පවතින පොදු ආගමික සංස්ථාවන් සහ විවිධ කාල වල එම ආගමික අදහස්ම උච්චාරනය කරමින් ගොඩ නැගෙන ඇදහිලි කල්ලි අතර වෙනස අප සමාජ විද්‍යාත්මකව තේරුම් ගන්නේ කෙසේ ද?
ආගමික මූලධර්මවාදී භාවිතාවන් එක් ආගමකට පමණක් සුවිශේෂ වූ දෙයක් ද? ක‍්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආගම් මූලධර්මවාදී ක‍්‍රියාවන්ට වග කිව යුතුය යන්න අප පවසනවා නම් ටෝකියෝවේ උමං දුම්රිය මාර්ගයට ගෑස් ප‍්‍රහාරයක් එල්ල කල බුද්ධ ධර්මය හා තාවෝ ධර්මය මත පදනම් වූ ශෝකෝ අසහාරාගේ කන්ඩායමේ ක‍්‍රියාව අප කෙසේ වටහා ගත යුතුද? එයට බුදු දහම වග කිව යුතුද?
එසේත් නැත්නම් ඇමෙරිකාවේ ඔරිගන් ප‍්‍රාන්තයේ ආපන ශාලා වල ජල නල වලට සැල්මොනෙල්ලා විශ බීජ එක්කල බුදු දහමේ හා සෙන් දහමේ අදහස් මත පදනම් වූ රාජ්නීශ් කල්ලියේ ක‍්‍රියාව අප කෙසේ වටහා ගත යුතුද?
එසේත් නැත්නම් අල්කයිඩා ප‍්‍රහාරය ට මුස්ලිම් ආගම වගකිව යුතුද?
මෙම වාර්තා චිත‍්‍රපටය යෝජනා කරන්නේ මෙවැනි කන්ඩායම් උච්චාරනය කරනු ලබන අදහස් වලට වඩා මෙවැනි කන්ඩායම් වල පොදු ව්‍යහාත්මක ලක්ෂණ හා භාවිතා කරනු ලබන උපක‍්‍රම දෙස අවදානය යොමු කල යුතු බවයි.
ක‍්‍රිස්තියානි ධර්මය, බුද්ධ ධර්මය, මුස්ලිම් ධර්මය වැනි ආගමික අදහස් මත පමනක් නොව මාක්ස් වාදය, මනෝ විද්‍යාව, මානව අයිතිවාසිකම්, ධනාත්මක චින්තනය, හෝ වෙනත් ඕනෑම අදහස් පද්ධතියක් මත පදනම්ව විශාල මිනිසුන් ගණනාවක් ශාරීරිකව හා මානසිකව විනාශය කරා රැගෙන යන ආගමික නොවන ඇදහිලි කල්ලි බොහෝ ගනනක් ඉතිහාසයේත් වර්තමානයේත් ලෝකය පුරා දක්නට ඇත.
මෙලෙස විවිධ අදහස් පද්ධති මත පදනම්ව ගොඩනැගෙන ඇදහිලි කල්ලිවල මුලික ලක්ෂණ, ක‍්‍රියාකාරීත්වය, හා එවායෙහි සමාජ විනාශකාරී භාවිතය උදාහරණ ඇසුරෙන් මෙම වාර්තා චිත‍්‍රපටය තුළ පැහැදිලි කෙරේ

 

The dark and dangerous world of cults has long been a source of both fascination and fear. What attracts followers to cults and, more importantly, what makes them stay?

In this special feature-length documentary, journey behind closed doors into a secret world where faith and devotion give way to desperation and despair. From the bizarre prophecies of Charles Manson to the desperate paranoia of Jim Jones, cult leaders draw followers into worlds of power, obsession, and sometimes death. Hear from parents who have lost their children to cults and travel back in time to examine how cults have been attracting devotees throughout history.

Featuring archival footage and interviews with renowned scholars, survivors, and faithful adherents, CULTS: DANGEROUS DEVOTION is an eye-opening examination of a hidden world few people will ever see.

Amazon Editorial Review

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )