CULTS – ඇදහිලි කල්ලියෙන් ඉවත්වූවත්, ඉන් පසු?

cyberbullying

ඇදහිලි කල්ලි පසු බලපෑම්වලින් සුව වීම

ඇදහිලි කල්ලියෙන් ඉවත් වූ පසුව දැන් තමා නිදහස් වුවද කලින් සාමාජිකයෝ තමන් විසින් වරක් ප‍්‍රතික්ෂේප කරන ලද සමාජයට යලි ඇතුළු වීමේ අභියෝගයට මුහුණ දෙති. මේ සඳහා අවශ්‍ය හැඩගැසීම් ව්‍යාජ පෞරුෂත්වයෙන් ඉවත්වීම ලෙස හෝ තවත් අය හඳුන්වා දී ඇති පරිදි සින්තටික් අනන්‍යතාවය අත්හැරීම හෝ ඛණ්ඩණය වී ගිය පැරණි පුද්ගල භාවය සමඟ යලි සම්බන්ධවීම යනාදී වශයෙන් සංක්ෂිප්තකර දැක්විය හැකිය. කලින් ඇදහිලි කල්ලි සාමාජිකයන්ව වී සිටි අය මුහුණ දෙන ගැටළු දැකිමට තවත් ප‍්‍රයෝජනවත් ආකාරයක් නම් ඒවා ප‍්‍රධාන හැඩගැසීමේ ක්ෂේත‍්‍රයන් පහකට වර්ග කිරීමයි; එනම්, ප‍්‍රායෝගික, මානසික-හැඟීම්මය, ප‍්‍රජානනමය, සමාජ පුද්ගලික සහ දාර්ශනික ආකල්පමය යන ක්ෂේත‍්‍රයන්ය. කලින් ඇදහිලි කල්ලි සාමාජිකයන්ව සිටි අය,

  • ඇදහිලි කල්ලියේදී ගතකළ කාලයේදී අනුගමනය කල දාර්ශනික හා ආකල්පමය අන්තර්ගතයන් පරීක්ෂාවට ලක් කිරීම
  •  එදිනෙදා ජීවිතයට අදාල ප‍්‍රායෝගික ගැටළුවලට විසඳුම් සෙවීම
  • යම්කිසි කාලයකට තියුණු වේදනාවන් ඇති කල හැකි මානසික හා හැඟීම්මය බලපෑම්වලට මුහුණ දීම
  • ප‍්‍රජානනමය අකාර්යක්ෂමතාවයන්ට මුහුණ දීම. හැකිනම් නව සමාජ සම්බන්ධතා ජාලයක් ගොඩනගා ගැනිම සහ පැරණි පුද්ගලික සම්බන්ධතා අළුත්කර ගැනීම.
  • ඇදහිලි කල්ලියේදී ගතකළ කාලයේදී අනුගමනය කල දාර්ශනික හා ආකල්පමය අන්තර්ගතයන් පරීක්ෂාවට ලක් කිරීම

කලින් ඇදහිලි කල්ලි සාමාජිකයන්ව සිටි අය තම අත්දැකීම් කෙරෙහි අන්තර්ඥණයක් ලබාගත හැක්කේ මෙම ක්ෂේත‍්‍රයේ වැඩ කිරීමෙනි. එවිට කාලයත් සමග ව්‍යාජ පෞරුෂය අත්හරිනු ඇත.

ඇදහිලි කල්ලියේදී ගතකළ කාලයේදී අනුගමනය කල දාර්ශනික හා ආකල්පමය අන්තර්ගතයන් පරීක්ෂාවට ලක් කිරීම

දාර්ශනික හා ආකල්පමය ගැටළු

තනි තනි සාමාජිකයන්ව යටහත්, පහත් කොට සලකනු ලැබුවා වුවද බොහෝ ඇදහිලි කල්ලි ප‍්‍රකාශ කරන්නේ සිය සාමාජිකයන් ලෝකයේ ප‍්‍රභූන් බවයි. ඇදහිලි කල්ලිය තුළ සිටින කාලයේදී සාමාජිකයන් මෙම ප‍්‍රකාශ සමඟ අනන්‍ය වන අතර ඔවහු අනෙක් අය කෙරෙහි සදාචාරමය පිළිකුලක් පෙන්වති. කණ්ඩායමේ පුරුෂාර්ථ පද්ධතියද සදාචාරමය සෝබනවාදයද, බුද්ධිමය උසස් බවද පිටත ලෝකය කෙරෙහි මහන්තත්වය පල කිරීම සඳහා පෙන්වන කරුණාව, ඔවුන් විසින් අභ්‍යන්තරීකරනය කර ගනු ලැබේ. සාමාජිකයන් නොවන අය කෙරෙහිද කණ්ඩායමෙන් ඉවත් වූ හෝ කණ්ඩායම තුළ දුර්වල වු අය කෙරෙහිද සදාචාරමය හෙලා දැකීමක් පෙන්නුම් කිරීමෙන් සාමාජිකයන්ට ලකුණු දා ගත හැකිය.

large_692a7b288cb244990f7b

පිලිකුල් කරන සුලු බව සහ අධි විවේචනශීලී ආකල්ප

බොහෝ ඇදහිලි කල්ලි විසින් පිලිකුල සහ වෛරය උගන්වනු ලබන අතර ඇතැම්විටෙක මෙය කෙරෙන්නේ සියුම් ආකාර වලිනි. කලිසම් අදින ගැහැණියක් දුටු විට කුලප්පු නොවී සිටීමටත්, මස්කන ඥතීන් ගැන කෝප නොවීමටත්, ප‍්‍රධාන ධාරාවේ දේශපාලනික හෝ සමාජීය වර්ධනයන් ගැන සමච්චලයෙන් කතා නොකිරීමටත් තමා මහත් වීර්යයක් දැරිය යුතු බව කලින් ඇදහිලි කල්ලි සාමාජිකයන්ව සිටි අය පවසති. ”ගණිකාවක්” ලෙස පෙනීම වැලැක්වීම සඳහා අදුරු, එල්ලෙන ඇඳුම් ඇදීම, සිය චින්තනය තුළ යුක්තිය පැත්තේ සිට ගැනීමට උවමනා වීම, හා මුදල් වියදම් කිරීමෙන්, සමීප බව පෙන්වීමෙන් හෝ විනෝද වීමෙන් වැලකීම ආදි ඇදහිලි කල්ලි ජීවන ශෛලීන් මත තමා එල්බ සිටින බව ඔවුනට පෙනී යා හැකිය.

ඇතැම් ජාතීන්, ආගම්, ජනවර්ග, සමාජ පංතීන් හෝ ”වැරදි” පාට ඇඳුම් අදින අය වැනි සරල කාරණාවක් කෙරෙහි පවා අගතිගාමී වීමට ඔවුනට උගන්වනු ලැබේ. නායකයාගේ මේ සුරතල් වෛරයන් වෙනුවෙන් හඬ නැගීම සඳහා කන්ඩායම තුළදී සාමජිකයන්ට ප‍්‍රසංසා හිමිවනු ඇත. කණ්ඩායමෙන් ඉවත් වූ පසු වෛරය වැමෑරීම නැවැත්වීමට අදාල පුද්ගලයාට අසරණ අරගලයක යෙදීමට සිදුවේ.

1370105319-anti-racists-unity-rally-at-the-cenotaph-in-manchester_2106440

මෙබදු කණ්ඩායම් තුළ හැඳී වැඩෙන ගැටවරයන්ට බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ජනවර්ග සහිත ලෝකයක් තුළ ක‍්‍රිස්තියානි සමගියෙන් යුතුව ජීවත් වීම සඳහා සැලකිලිය යුතු පුහුනුවක් අවශ්‍ය වනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයක් තුළ ජීවත් වන්නේ කේසේද යන්න ගැන කිසිඳු විටක උපදෙස් නොලැබූ ඔවුන්, ඒ වෙනුවට උගෙන ඇත්තේ නායකයාගේ පුරුෂාර්ථ දෝංකාර කරන අනුගාමිකයන් සිටින ෆැසිස්ට් ලෝකයක ජීවත් වීමටය. එක් ගැටවරයෙකු සහ ඔහුගේ දෙමාපියන් සහාය ලබා ගැනීම සඳහා මා වෙතට පැමිණියේ ඇදහිලි කල්ලියේ පාසැල් තුළ පමණක් ඔහු අධ්‍යපානය ලබා තිබු නිසාය. දැන් ඇදහිලි කල්ලියෙන් ඉවත් වු පසු සිය නායකයාගේ විසකුරු අදහස් වැමෑරීම නිසා ඔහුට පාසැලේ අන්අය පහර දී කොන්කර ඇත; ඔහු බෙහෙවින් ව්‍යාකූලත්වයට පත් වී සිටියේය. නායකයා අපට ඉගැන් වූ දෙය වන පාප් තුමා සහ ඇමරිකා එක්සත් ජනපදයේ තැපැල් සේවය කොමියුනිස්ට් කුමන්ත‍්‍රණයක හවුල් කරුවන් බව මම පංතියේ අයට කිව්වම හැමෝම මට හිනා වෙලා ‘ඔන්න ඉතින් පිස්සු ජෝයි ආයි පටන් ගත්තා’ කියලා කිව්වා. ඉස්කෝලෙ ඇරුණම ඒ ගොල්ලෝ මට ගහල මාව අල්ලා ගන්නවා කියලා කිව්වා. ‘ පාසැලේ විදුහල්පතිනිය සහ ගුරුවරිය හරහා අපි ඔහු වෙනුවෙන් අධ්‍යාපන වැඩසටහනක් සකස්කර ගතිමු. කලක් ගත වු පසු ඔහු සහ ඔහුගේ දෙමව්පියන් පංතියේ සිසුන්ව ඇදහිලි කල්ලි පිළිබදව දැනුවත් කොට ඔවුන්ට එ පිලිබදව අධ්‍යාපනික චිත‍්‍රපට පෙන්වා ඇදහිලි කල්ලියකට බදවා ගනු ලැබීම වලක්වා ගන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡුා කලහ.

අලූතින් ඇදහිලි කල්ලි වලින් ඉවත් වූ සමාජිකයන්ට, පිටත ලෝකයේ සිටින පුද්ගලයන් ප‍්‍රමාණවත් ලෙස කැප නොවන බවක් හා වෙහෙසී වැඩ නොකරන බවක් පෙනී යයි. ඔවුන් කම්මැලි සහ ලෝකය ගැන නොතකන අය ලෙස පෙනේ. ඇදහිලි කල්ලිය විසින් නිතර පරිපූර්ණ බව පිලිබදව දේශනා කරන අතර අඩුපාඩු සහිත සාමාජිකයන්ව නිතර හෙලා දකිති. ඇදහිලි කල්ලි සමාජිකයෝ වසර ගණන් පරිපූර්ණත්වය පිළිබද පරමාදර්ශය සැබෑ කිරීම සඳහා වෙහෙසෙන අතර ඔවුන් සෑම විටම අසාරථක වන්නේ මෙම ප‍්‍රමිතීන් මනුෂ්‍ය හැකියාවන්ට ඔබ්බෙන් පවතින නිසාය. පිටස්තර පුද්ගලයන්ගේ විශ්වාසයන් සහ හැසිරීම් පිළිබඳ ඇදහිලි කල්ලියේ හෙලා දකින සුළු ආකල්පයන් නිසා තත්වාරෝපිත වූ කලින් ඇදහිලි කල්ලි සාමාජිකයන්ව සිටි අය බොහෝ සාමාන්‍ය මානුෂික චර්යාවන් කෙරෙහි අධි විචාරශීලී බවක් පෙන්වති.

[Image Credit]

ඇදහිලි කල්ලිය තුළ සිටින කාලයේදී තමා යටතේ සිටි පරිපූර්ණ නොවූ අයට රළු ලෙස සැලකීමට උගත්තා පමණක් නොව ඇතැම් විටක තමාගේ සහ අන් අයගේ දුරවලතාද සඳහා දඩුවම් විඳිමට සමාජිකයන්ට සිදුවිය. සාමාන්‍ය සමාජයට ඇතුළු වු පසු ඇතැම් කලින් ඇදහිලි කල්ලි සමාජිකයන්ව සිටි පුද්ගලයන් දිගටම දඩුවම් පමුණුවන විවේචනශිලී දබරකාරී බරවැඩ ගන්නා ස්වාමියෝ බවට පත්වෙති. අනෙකුන්ගේ සරල මානුෂික වැරදි සහ අමතක වීම් නිසා කලින් ඇදහිලි කල්ලි සමාජිකයෙකුව සිටි පුද්ගලයා ඔවුන්ව හෙලා දැකිය හැකිය. තම කාර්යාලයේ අනෙකුත් සඟයන් සමඟ සිය සබඳතා පිළිබඳව එක් ස්ත‍්‍රියක් මෙසේ පැවසුවාය; ”ඇදහිලි කල්ලියේ ඉන්න කාලයේ වගේ අනිත් අයගේ වැඩ වලට ඔළුව දාන්නේ නැතුව එ් අයට කෑ ගහන්නේ නැතුව ඉන්න මට කරන්න පුළුවන් අවම දේ එ්කයි.” පැරා මිලිටරි, දේශපාලනික සහ මනෝවිද්‍යාත්මක තේමාවන් වටා සංවිධානය වූ ඇදහිලි කල්ලි විසින් ඇතැම් දරුණුම සහ දබරකාරීම භාවිතාවන් සිය සාමාජිකයන්ට පුහුණු කරනු ලැබේ.

ලෝකය ගලවාගන්නාගේ තනතුරින් මිදී…

ඇදහිලි කල්ලිය තුළ සිටින කාලයේදී ජීවිතය සලකනු ලැබූ තරම් අත්‍යාවශ්‍ය හෝ ශ්‍රේෂ්ඨ දෙයක් නොවන බව පිටතදී පෙනී යයි. සාමාජිකයන්ට පවසන ලද්දේ ඔවුන් ”ලෝක මට්ටමේ වැඩක” යෙදෙන බවයි. එයින් ඉවත් වූ පසු, ලෝකයම හෝ මිනිසුන්ගේ ආත්මයන් ගලවා ගැනීමේ උවමනාවෙන් කළ ඇදහිලි කල්ලි කටයුතු හා සසඳන කල මිනිසුන් කරන රැකියාවන් ඉතා කුඩා සහ අසරණ කටයුතු යැයි ඔවුහු සිතති.

එක් කලින් ඇදහිලි කල්ලි සාමාජිකයෙකු ලෙස පුද්ගලයෙකු පැවසුවේ ”කණ්ඩායම ඇතුලේ ඉන්න කාලේ මම හිටියේ හරියට ගගනගාමියෙන් වගේ. දැන් ඉතින් මම සැන් ෆ‍්‍රැන්සිස්කෝවල සංචාරක බස් රියදුරෙක්” යනුවෙනි. එහෙත් තවත් ගැහැණියක් මෙසේ පැවසුවාය; ”එහේ ඉන්න කාලේ මම ලෝකය ගලවා ගනිමිනුයි හිටියේ. විශ්වය ගලවා ගන්න කරන මගේ වැඩ මැද්දට පනින අයට පයින් ගහමින් තමයි හිටියේ. හැබැයි ඉතිං එ ඇදහිලි කල්ලියෙන් ලෝකය බේරාගන්නේ නැති බව මට තේරෙනකල් විතරයි”.

මීලග ලිපිය  –  එදිනෙදා ජීවිතයට අදාල ප‍්‍රායෝගික ගැටළුවලට විසඳුම් සෙවීම

මෙය ඇදහිලි කල්ලි  පිළිබ`දව හැදෑරීම සදහා ලෝකයේ භාවිතා  වන මූලිකම පොතක සිංහල පරිවර්තනයකි.එමෙන්ම ඇදහිලි කල්ලි  පිලිඹද ලංකාවේ ප‍්‍රකාශයට පත්වන මුල්ම පොත ද මෙය යි. සමාජ විද්‍යාව මනෝ විද්‍යාව හෝ දේශපාලනය පිලිඹද උනන්දුවක්  ඇති අයට පමනක් නොව වර්තමාන සංකීර්ණ සමාජ  වටපිටාව තුල මිනිස් හැසිරීම හා කන්ඩායම් චර්යාව  තේරුම් ගැනීමට උනන්දුවක් දක්වන  ඕනෑම කෙනෙකු ට  මෙම පොත අතිශය වැදගත් ය. ලංකාව තුළ බහුල ලෙස දැකිය හැකි ඇදහිලි කල්ලි ආකෘතියේ විවිධ කණ්ඩායම් වලට සම්බන්ද වූ සිය  ආදරණීයයන්, මිතුරු මිතුරියන් පිළිඹදව විමතියෙන් ද ශෝකයෙන් ද පසුවන බොහෝ දෙනාට ද මෙම පොත ප‍්‍රායෝගික ලෙස මහත් සේ උදවු වනු ඇත

(මෙම  පොත  නුගේගොඩ සරසවි පොත් හලින් ලබා ගත හැක)
 
සේතුක ප‍්‍රකාශනයක් – සාමූහික පරිවර්තනයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )