CULTS – ඔබත් ඇදහිලි කල්ලියක ගොදුරක් ද?

ඇදහිලි කල්ලියක් අනෙකුත් කන්ඩායම් හා සංවිධාන වෙතින් වෙනස්ව අදුනාගන්නේ කෙසේ ද? ඇදහිලි කල්ලි නිර්වචනය කරන්නේ කෙසේද?

නිර්වචන සහ ගතිලක්ෂණ

ඇදහිලි කල්ලි යන නාම පදය, ස්ථායි සංවිධානයක රූපයක් මතු කරයි. එහෙත් වෙනත් කණ්ඩායම්වල සිටින පුද්ගලයන් මෙන්ම ඇදහිලි කල්ලිවල සිටින පුද්ගලයන් ද සුවිශේෂ ආකාරයන්ගෙන් එකිනෙකා සමඟ අන්තර් කි‍්‍රයා කරන අතර මේ සම්බන්ධතාවයන් කාලයෙන් කාලයට වෙනස් වේ. ඇදහිලි කල්ලි අසාමාන්‍යවන්නේ එහි අභ්‍යන්තර කි‍්‍රයාකාරිත්වයේ ස්වරූපය නිසා ය. එම නිසා විවෘත සංගමයක් හෝ සංවිධානයක් සහ ඇදහිලි කල්ලියක් අතර වෙනස තේරුම්ගැනීම එතරම් පහසු නැත. සමහරු ඇදහිලි කල්ලි කි‍්‍රයාත්මක වන ආකාරය තේරුම්ගැනීමට අසමත්වන්නේ, එක්කෝ, ඔවුන් ඇදහිලි කල්ලිවල සිටින්නේ පිස්සු රංචු යැයි සිතන නිසා ය; එසේත් නැතහොත්, ඔවුන් ඇදහිලි කල්ලි තේරුම් ගන්නේ ඒවා රොටරි සමාජ හෝ ගුරු දෙගුරු සංගම් වැනි තමන් නිතර සම්බන්ධ වන කණ්ඩායම්වලට සමාන කණ්ඩායම් කියා සිතන නිසා ය.

ඇදහිලි කල්ලි පිළිබඳ සාමාන්‍ය ශබ්දකෝෂ නිර්වචන ඒවායේ ඇතැම් ස්වරූපයන් විස්තර කරයි. නමුත් මට අවශ්‍යවන්නේ විවිධ ඇදහිලි කල්ලි තුළ ගතකරන ජීවිතයට ඇතුලත්වන දෑ මොනවාද යන්න පැහැදිලි කිරීමටත් එතුළ සිදුවන කි‍්‍රයාවලීන් පිළිබඳව වඩාත් සජීවි චිත‍්‍රයක් ඉදිරිපත් කිරීමටත් ය.

ඇදහිලි කල්ලි තුළ සිදුවන අන්තර් ක‍්‍රියා සහ කි‍්‍රයාවලීන් වඩා හොඳින් හැඟවීම සඳහා “ඇදහිලි කල්ලිමය සබඳතා” යන පදය යොදාගැනීමට මා කැමති ය. ඇදහිලි කල්ලියක කිසියම් පුද්ගලයෙකු, අනෙක් අයව, ඔවුන්ගේ ජීවිතයේ මූලික තීරණ ගැනීමේදී සම්පූර්ණයෙන් ම හෝ සම්පූර්ණයෙන්ම පාහේ හෝ උවමනාවෙන්ම තමා මත රැඳියාවක් ඇතිකරන්නේ නම් සහ තමන්ගේ අනුගාමිකයන් තුළ තමා සතුව විශේෂ දක්‍ෂතාවක්, හැකියාවක් හෝ දැනුමක් පවතින්නේය යන විශ්වාසය ඇතිකරන්නේ නම් එවැනි සම්බන්ධතාවයක් ඇදහිලි කල්ලිමය සම්බන්ධතාවයක් වේ.

අපගේ අධ්‍යයනය තුළ, ඇදහිලි කල්ලි යන ලේබලය විසින් පහත සාධක තුන හඟවයි:

1.    කණ්ඩායමේ ආරම්භය සහ නායකයාගේ භූමිකාව
2.    නායකයා (හෝ නායකයන්) සහ අනුගාමිකයන් අතර බල ව්‍යුහය හෝ සබඳතාවය
3.    සම්බන්ධීකරණය කරන පෙළඹවීම් ව්‍යාපෘතියක් භාවිතා කිරීම (මෙය සිතුවිලි සංශෝධනය හෝ වඩා ජනප‍්‍රිය ලෙස මොළ සේදීම යනුවෙන් හැඳින්වේ)

එක් පර්යේෂකයෙකු විසින් ඇදහිලි කල්ලි යනුවෙන් හඳුන්වනු ලබන කණ්ඩායමක් තවත් පර්යේෂකයෙකු විසින් එසේ හඳුනා නොගැනීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස ඇතැම් පර්යේෂකයෝ ඇදහිලි කල්ලි ලෙස හඳුනාගන්නේ ආගම පදනම් කරගත් කණ්ඩායම් පමණි. ඔවුහු විවිධ මූලධාර්මික ඉගැන්වීම්, න්‍යායයන් සහ භාවිතයන් වටා ගොඩ නැෙඟන අසංඛ්‍ය වූ ඇදහිලි කල්ලි ගණනාවක් මඟ හරිති. නායකයා, ව්‍යුහය, සහ සිතුවිලි සංශෝධනය යන සාධක තුන ආශ‍්‍රය කිරීම හරහා, එහි විශ්වාස පද්ධතිය කුමක් වුවත් අපට  කිසියම් කණ්ඩායමක හෝ තත්ත්වයක ඇදහිලි කල්ලිමය ස්වභාවය තේරුම්ගත හැකි ය. එමනිසා අප මෙය වඩා හොඳින් තේරුම් ගැනීමට ඉහත සාධක තුන පුළුල්ව සලකා බලමු.

කණ්ඩායමේ ප‍්‍රභවය සහ නායකයාගේ භූමිකාව

බොහෝ අවස්ථාවලදී ඇදහිලි කල්ලි ව්‍යුහයේ මුදුනෙහි තනි පුද්ගලයෙකු, බොහෝ විට කණ්ඩායමේ ආරම්භකයා, සිටී. තීරණ ගැනීම කේන්ද්‍ර ගතවන්නේ ඔහු වටා ය (ඇතැම් ස්ත‍්‍රී ඇදහිලි කල්ලි නායිකාවන් දැකිය හැකි වුව ද, බොහෝ ඇදහිලි කල්ලි නායකයන් පිරිමින් වන බැවින් පහසුව සඳහා මෙම පොත තුළ කල්ලි නායකයන් පිරිමින් ලෙස සැලකේ). සාමාන්‍යයෙන් මේ නායකයන් තුළ පහත ලක්‍ෂණ දැකිය හැකි ය.

මෙවැනි කල්ලි නායකයන් තමාවම නායකයා ලෙස පත්කර ගත්, අන් අයව පෙළඹවීමට සමත්, තමාගේ ජීවිතයේ විශේෂ මෙහෙයුමක් ඇති බව හෝ තමා සතුව විශේෂ දැනුමක් ඇති බව ප‍්‍රකාශ කරන පුද්ගලයන් ය. උදාහරණයක් ලෙස, පියාඹන පීරිසි කල්ලිවල නායකයින් බොහෝ විට පවසන්නේ අභ්‍යවකාශ යානයක් පැමිණීමට නියමිත තැනකට මිනිසුන් කැඳවාගෙන යෑම සඳහා පිටසක්වල ජීවීන් තමාව පත්කර ඇති බවයි. ලෙඩරෝග සුව කිරීම සඳහා හෝ සම්බෝධීත්වයට එළඹීම සඳහා ඇති පුරාණ ක‍්‍රම තමා විසින් නැවත සොයාගෙන ඇතැයි තවත් නායකයෝ පවසති. තම අනුගාමිකයන් සවිඥනකත්වයේ, සාර්ථකත්වයේ හෝ පුද්ගලික හෝ දේශපාලන බලයේ “අළුත් මට්ටමකට” ගෙන යා හැකි විද්‍යාත්මක, මානවීය හෝ මානවවාදී හෝ සමාජ සැලසුම් තමන් විසින් නිර්මාණශීලී ලෙස වර්ධනය කර ඇති බව තවත් සමහරු පවසති.

කල්ට් නායක ජිම් ජෝන්ස් තම සහචරයන්ට මුවා වෙමින්

කල්ලි නායකයන් අධිෂ්ඨානශීලී සහ අනුන්ව බලෙන් පාලනය කිරීමේ ප‍්‍රවණතාවයක් දක්වන අතර, ඔවුන්ව නිතර හඳුන්වනු ලබන්නේ “වශීකරනසුලූ” පුද්ගලයන් වශයෙනි. තමාගේ අනුගාමිකයන් දිනාගැනීමට, පාලනය කිරීමට සහ පරිපාලනය කරගැනීමට මෙම නායකයන් සතුව ප‍්‍රමාණවත් ස්වයං පෙළඹවීමක්, සිත් ඇදගන්නා සුළු බවක් හෝ වෙනත් ආකර්ෂණීය බලයක් තිබිය යුතු ය. සිය පවුල්, රැකියා, වෘත්තික මිතුරන් අතහැර තමාව අනුගමනය කිරීමට ඔවුහු තම අනුගාමිකයන්ව පොළඹති. බොහෝ අවස්ථාවන් හි දී ඔවුහු තම අනුගාමිකයන්ගේ දේපල, මුදල් සහ ජීවිතවල පාලනය කෙමෙන් කෙමෙන් ඍජු හෝ වක‍්‍ර ලෙස තමන් වෙත නතු කර ගනිති.

කල්ලි නායකයෝ අනුගාමිකයන්ගේ භක්තිය තමන් මතම කේන්ද්‍ර කර ගනිති. පූජකයෝ,  පාදිලිවරු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෝ සහ සැබෑ ලෙසම ජනහිතකාමී ව්‍යාපාරවල නායකයෝ තම අනුගාමිකයන්ගේ භක්තිය දෙවියන් වෙත, වියුක්ති ප‍්‍රතිපත්ති වෙත හෝ කණ්ඩායමේ පරමාර්ථ වෙත යොමු කරති. මීට ප‍්‍රතිපක්‍ෂ ලෙස, ඇදහිලි කල්ලි නායකයෝ ආදරය, භක්තිය සහ පක්‍ෂපාතී බව තමා මතම කේන්ද්‍ර කර ගනිති. උදාහරණයක් ලෙස, බොහෝ ඇදහිලි කල්ලි තුළ, තම නායකයා කෙරෙහි වන තමාගේ කැපවීම විදහා දැක්වීම සඳහා  කලත‍්‍රයන්ට එකිනෙකාගෙන් වෙන්වීමට ද, දෙමව්පියන්ට දරුවන් අත්හැරීමට ද බල කෙරේ.

ටොම් කෘස් සයන්ටොලොජි හි ප‍්‍රධානතම ප‍්‍රචාරකයකු ලෙස

ව්‍යුහය: නායකයා සහ අනුගාමිකයන් අතර සම්බන්ධය

ඇදහිලි කල්ලියක ව්‍යුහය, සරලව දෘෂ්ඨිමය ලෙස තේරුම් ගැනීමට උඩ යට හැරවූ T අකුරක් ගැන සිතන්න. නායකයා එහි මුදුනේ තනිවම සිටින අතර අනුගාමිකයන් සියල්ල පතුලේ සිටිති.

ඇදහිලි කල්ලිවල ව්‍යුහය ආඥදායක ස්වරූපයක් ගනී. නායකයා සෑම විටම ඉහළම අධිකාරත්වය දරයි. ඇතැම් විටක සාමාජිකයන් නායකයාගේ අභිලාෂයන් සහ නීතිවලට අනුකූලව කටයුතු කරන බවට වග බලාගැනීම සඳහා දෙවැනි තලයේ කිහිප දෙනෙකුට ඇතැම් බලයන් පවරනු ලැබේ. නායකයා විසින් ස්ථාපනය කරනු ලබන ක‍්‍රමයෙන් පිටත සාධාරණත්වය ඉටු කර ගැනීමේ ක‍්‍රමයක් කෙරෙහි ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන්නේ නැත. උදාහරණයක් ලෙස, පාසැලක ගුරුවරයකුට හෝ ගුරුවරියකට විදුහල්පති අතින් තමාට අසාධාරණයක් සිදු වන්නේ යයි සිතෙන්නේ නම් ඔවුන්ට ඊට ඉහළින් ඇති අධිකාරයක් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි ය. ඇදහිලි කල්ලි තුළ සියලූ ගැටළු සම්බන්ධයෙන් අවසාන තීරණය සහ අධිකාරත්වය නායකයා සතු ය.

සාමුහික සියදිවිනසාගැනීමක නිරතවූ හෙවන්ස් ගේට් ඇදහිලි කල්ලියේ ප‍්‍රසිද්ධ රුස්වීමක් ( නායක දෙපල ලෙසම රුපාන්තරනය වූ සාමාජිකයින් දෙපලක් රුස්වීමෙහි වාඩිකරවා ඇති අයුරු)

ඇදහිලි කල්ලි නිර්මාණශීලී සහ සුවිශේෂ බවක් විදහා දක්වයි.
තමන් සම්ප‍්‍රදායෙන් කැඞී ඇති බවත්, අඵත් යමක් ඉදිරිපත් කරන බවත්, ජීවිතයේ ගැටඵ හෝ ලෝකයේ ප‍්‍රශ්න විසඳය හැකි එකම කි‍්‍රයාත්මක කළ හැකි විධි ක‍්‍රමය ස්ථාපනය කරන බවත් ඇදහිලි කල්ලි නායකයෝ පවසති. උදාහරණයක් ලෙස ඇරිසෝනාවේ එක් කණ්ඩායමක් ප‍්‍රකාශ කරන්නේ තමන්ට ද අමරණීයත්වය අත්පත්කරගත හැක්කේ තම නායකයින් සමඟ සිටීමෙන් පමණි. එම නායකයන්ගේ නම්වල මුලකුරු වන CBJ (චාල්ස්, බර්නාඞීන් සහ ජේම්ස්) යනුවෙන් එම නායකයන් හඳුන්වනු ලබයි. වාර්ථාවලට අනුව CBJ සතුව ලෝකය පුරා අනුගාමිකයන් 30,000 සිටිති. මේ අතර තවත් කණ්ඩායමක් පවසන්නේ එතුළ ජීවත්වීමෙන් සහ රහස් ආශ්වාස ක‍්‍රමයක් ඉගෙනීමෙන් එහි සාමාජිකයන්ට කල්යත්ම වාතය පමණක් භාවිතයෙන් ජීවත් විය හැකි බවයි. සෑම ඇදහිලි කල්ලි කණ්ඩායමක්ම පාහේ පවසන දෙයක් නම් එහි සාමාජිකයන් “තෝරාගත්” ”සුවිශෙෂ” අය බවයි. සමාජිකයන් නොවන අය සැලකෙන්නනේ අඩු වටිනාකමින් යුත් මනුෂ්‍යයන් වශයෙනි.

ඇදහිලි කල්ලි තුළ ද්විත්ව ආචාර ධර්ම පැවතීමේ ප‍්‍රවණතාවයක් ඇත. සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ කණ්ඩායම තුළ විවෘත සහ අවංකභාවයක් සහිතව සියඵ දේ තම නායකයාට පාපොච්ඡුරණය කරන ලෙසයි. ඒ අතරම සාමාජිකයන් නොවන අයව රැවටීමටත්, වංචාකාරී ලෙස හැසිරවීමටත්, සාමාජිකයන්ව ධෛර්යමත් කරයි. මීට ප‍්‍රතිපක්‍ෂ ලෙස ස්ථාපිත ආගම් සහ සදාචාරවත් කණ්ඩායම් තම සාමාජිකයින්ට උගන්වන්නේ සියඵ දෙනා කෙරෙහිම අවංක සහ සත්‍යවාදී වන ලෙසත්, එක් සදාචාර පද්ධතියක් අනුගමනය කරන ලෙසත් ය. කෙසේ වුවත්, ඇදහිලි කල්ලි තුළ සියල්ලටම ඉහළින් පවතින දර්ශණය වන්නේ අරමුණ විසින් මාර්ගය යුක්ති යුක්ත කරන්නේ ය යන්නයි. මේ දැක්ම විසින් ආගමික කල්ලිවලට සාමාන්‍ය සමාජ බැඳීම් වලින් පිටත තමාගේම වූ සදාචාරයක් ස්ථාපනය කරගැනීමට ඉඩ සලසයි.

උදාහරණයක් ලෙස, එක් කණ්ඩායමක් “දිව්‍යමය රැවටීම” යන සංකල්පය හඳුන්වා දුන්නේ ය. තවත් කණ්ඩායමක් “අති උත්තරීතර ප‍්‍රයෝග” හඳුන්වා දුන්නේ ය. ඇතැම් නව කි‍්‍රස්තියානි කණ්ඩායම් “බැබිලෝනියන්වරු සමඟ කථා කිරීම” වැනි යෙදුම් හඳුන්වාදෙමින් පිටස්තරයන් “ක‍්‍රමිකයන් (Systemics) යනුවෙන් හැඳින්වූහ. මෙවැනි භාෂාවක් යොදාගන්නේ ද්විත්ව ආචාර ධර්ම පද්ධති සාධාරණීකරණය කිරීමට සහ සාමාජිකයන් විසින් සාමාජිකයන් නොවන අය රැවටීම පිළිගත හැකි දෙයක් බවට පත් කිරීමට ය.

පෙළඹවීම සඳහා සමායෝජිත වැඩසටහන්

සූරාකෑම ගැබ්වන පෙළඹවීම් විධික‍්‍රම මම පසුව විස්තර කරමි. ඒවා නම් ඇදහිලි කල්ලි නායකයන් සහ ආගමික කල්ලි වැනි කණ්ඩායම් පුද්ගලයන්ව බඳවාගැනීමට, රඳවා ගැනීමට සහ කීකරුව තබා ගැනීමට යොදාගන්නා විවිධ සිතුවිලි සංශෝධන ක‍්‍රියාවලීන් ය. ඇදහිලි කල්ලි නිර්වචනය කිරීම සඳහා තීරණාත්මක වන මෙම සාධකයෙහි සාමාන්‍ය ලක්‍ෂණ පමණක් මම මෙහිදී විස්තර කරමි.

සාමාජිකයින්ගේ චර්යාවන් පාලනය කිරීම තුළ ඇදහිලි කල්ලි සියල්ල වෙලාගන්නා සර්වාධිකාරි ස්වරූපයක් ගනී. එවා දෘෂ්ඨිවාදීමය වශයෙන් ද සිය ලෝක දැක්ම තුළ සර්වාධිකාරී වෙමින් අන්තවාදය සහ දැඩි පක්‍ෂග‍්‍රාහී ස්වභාවයක් පෙන්නුම් කරයි. ක‍්‍රමයෙන් බොහෝ ඇදහිලි කල්ලි සිය සාමාජිකයන් තමන්ගේ කාලය, ශක්තිය, මුදල් සහ වෙනත් සම්පත් කණ්ඩායමේ ප‍්‍රකාශිත අරමුණු වෙනුවෙන් වැඩි වැඩියෙන් කැපකරනු ඇතැයි බලාපොරොත්තු වේ. එහිදී ”සම්බෝධීත්වය” වැනි කිසියම් තත්වයක් වෙත ළඟාවීමට පූර්ණ කැපවීම අවශ්‍ය යැයි ඍජුව හෝ වක‍්‍රව අඟවනු ලැබේ.

එම කැපවීමෙහි ස්වරූප කණ්ඩායමින් කණ්ඩායමට වෙනස් වේ. වැඩි වැඩියෙන් පාඨමාලා, වැඩි වැඩියෙන් භාවනා කිරීම, වැඩි වැඩියෙන් කෝටා ලබාගැනීම, වැඩි වැඩියෙන් ඇදහිලි කල්ලි ආශි‍්‍රත කි‍්‍රයාකාරකම්වල යෙදීම, වැඩි වැඩියෙන් පරිත්‍යාග ලබාදීම යනාදී වශයෙනි. සාමාජිකයන් ඇඳිය යුත්තේ මොනවාද, ආහාරයට ගත යුත්තේ මොනවාද, වැඩ කිරීම, නිදාගැනීම සහ කෑම ගත යුත්තේ කොයි වේලේ කොතැනක ද යන්න පමණක් නොව ඔවුන් විශ්වාස කළ යුත්තේ, සිතිය යුත්තේ සහ පැවසිය යුත්තේ මොනවාද යන්න ද පිළිබඳව ආගමික කල්ලි විසින් අණ නිකුත් කරන බව දැනගන්නට ඇත. අප විසින් සාමාන්‍යයෙන් සුදු කඵ ලෙස සිතීම හෝ සියල්ල නැතිනම් කිසිවක් එපා යන ලෝක දැක්ම බොහෝ ගැටඵ සම්බන්ධයෙන් ඇදහිලි කල්ලි විසින් ඉදිරිපත් කරනු ලබයි.

සාමාජිකයන්ගේ ජීවන රටාව වෙනස් කිරීමක් හෝ ප‍්‍රධාන බාධාකිරීමකට යටත් වීම ඇදහිලි කල්ලි විසින් ප‍්‍රධාන වශයෙන් දරනු ලබන බලාපොරොත්තුවකි. බොහෝ ඇදහිලි කල්ලි වලින් එල්ල වන පීඩනය නිසා නව සාමාජිකයන්ට තම පවුල්, මිතුරන් සහ රැකියාවන් අත්හැරීමට සිදුවේ. එවිට ඔවුන් කණ්ඩායමේ ප‍්‍රධාන අරමුණ තුළ ගැලෙති. මේ හුදෙකලාකිරීමේ උපක‍්‍රමය යනු ඇදහිලි කල්ලි වල ඉතා ප‍්‍රබල යාන්ත‍්‍රණයක් සහ බලෙන් පටවනු ලැබූ හැදියාවක් වේ.

මීලග ලිපිය- මිනිසුන් ඇදහිලි කල්ලිවලට සම්බන්ධ වන්නේ ඇයි

මෙය ඇදහිලි කල්ලි  පිලිඹදව හැදෑරීම සදහා ලෝකයේ භාවිතා  වන මූලිකම පොතක සිංහල පරිවර්තනයකි.එමෙන්ම ඇදහිලි කල්ලි  පිලිඹද ලංකාවේ ප‍්‍රකාශයට පත්වන මුල්ම පොත ද මෙය යි. සමාජ විද්‍යාව මනෝ විද්‍යාව හෝ දේශපාලනය පිලිඹද උනන්දුවක්  ඇති අයට පමනක් නොව වර්තමාන සංකීර්ණ සමාජ  වටපිටාව තුල මිනිස් හැසිරීම හා කන්ඩායම් චර්යාව  තේරුම් ගැනීමට උනන්දුවක් දක්වන  ඕනෑම කෙනෙකු ට  මෙම පොත අතිශය වැදගත් ය. ලංකාව තුළ බහුල ලෙස දැකිය හැකි ඇදහිලි කල්ලි ආකෘතියේ විවිධ කණ්ඩායම් වලට සම්බන්ද වූ සිය  ආදරණීයයන්, මිතුරු මිතුරියන් පිළිඹදව විමතියෙන් ද ශෝකයෙන් ද පසුවන බොහෝ දෙනාට ද මෙම පොත ප‍්‍රායෝගික ලෙස මහත් සේ උදවු වනු ඇත

(මෙම  පොත  නුගේගොඩ සරසවි පොත් හලින් ලබා ගත හැක)

One response to “CULTS – ඔබත් ඇදහිලි කල්ලියක ගොදුරක් ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )