මේ මැතිවරණ වේදිකාව විසින් කිසිවක් වෙනස් කරනු ඇති ද?

ඔබ සොයන ස්වාමියා ඔබට හමුවීම. (2)

දේශපාලනය අන් තැනක.

2004 වසරේ පැවති මැතිවරණයේ දී ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තු ආසන 8 ක් ලබා ගත්තේය. ” ඔබ සොයන ස්වාමියා ඔබට හමුවීම ” යනු එම සිදුවීමමෙන් පසු එ් සම්බන්ධයෙන් අප දෙදෙනා විසින් 2004/05/27 දින ලියූ ලිපියක මාතෘකාවකි. මෙම ලිපිය අප විසින් පුවත්පත් ගණනාවකට ලබා දෙන ලද නමුත් එ් කිසිවක එය පලවූයේ නැත. එම ලිපියෙන් අප මතුකල මූලික අදහස නම් ජාතික හෙළ උරුමයේ ජයග‍්‍රහණය යනු හුදෙක් අහඹු සිදුවීමක් නොව ලංකාවේ ජනසමාජය තුල අභ්‍යන්තරව ගොඩ නැගෙමින් පවතින බරපතල සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් බව ය. මෙම සමාජ කාංසාවන් ජාතිකවාදී හා ආගම්වාදී මුහුණුවරකින් අනාගතයේ මුලූ සමාජය පුරාම පැතිරයා හැකි බවට අප අනතුරු ඇගවූයෙමු. නමුත් එදවස අප සම්බන්ධව සිටි සංවිධානය තුළ අධිපති මතය ලෙස පැවතුනේ සමාජය ශීඝ‍්‍රයෙන් ධනේශ්වරකරණය වෙමින් පවතින බවත්, ජාතිකවාදය, ආගම්වාදය වැනි දේ මේ ප‍්‍රවාහයට හසුවී වාෂ්ප වී යාම කාලය පිළිබඳ ගැට`එවක් පමනක් බවත් ය. එමෙන්ම පසුව මතු කරන ලද අදහසක් නම් සිංහල ජාතිකවාදය අප විසින් ”ආටිකියුලේට්” කළ යුතු බව ය. පළමු ලෝක යුධ සමයෙ දී ලෙනින්  වැටුනු වලේ 2004 දී බොහෝ දෙනෙකු මහ දවල් ඇද වැටුනි.

මේ 2009 වසරයි. සමාජය පුරා බෞද්ධ, ක‍්‍රිස්තියානි, සහ මුස්ලිම් ආගම් වල නාමයෙන් හා විවිධ දේශපාලනික මුහුනුවරවලින් මූලධර්මවාදී ප‍්‍රවණතා මතු වී ඇත. මේ අතරම තව සති කිහිපයකින් මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ජාතියේ යුධ ජයග‍්‍රහණය මෙහෙය වූ (හිටපු) ජෙනරාල්වරයකු පොදු අපේක්ෂකයකු ලෙස ජාතියේ යුධ ජයග‍්‍රහණයට නායකත්වය දුන් ජනාධිපතිවරයකු සමග සටනට පිවිස ඇත. සිංහල සිවිල් නායකයකු විසින් උපරිම තලයකට ගෙන ආ සිංහල ජාතිකත්වය සිංහල (හිටපු) හමුදා නායකයකු අතින් නිෂ්ඨාවට පත් කිරීමේ කදිම අවස්ථාවක් අපට උදා වී ඇත.

2005 වසරේදී අපත් ඇතු`එව තවත් කලා හා සමාජ ක‍්‍රියාකාරිකයන් සමූහයකගේ සහභාගීත්වයෙන් 83 ක`එ ජූලිය සැමරීම සදහා නිදහස උදෙසා සාමය නමින් සංස්කෘතික උලෙලක් විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්වුනි. මෙම කලා උළෙල සංවිධානය කිරීමේ දී අපගේ අරමුණ වූයේ සිංහල හා දෙමළ ජනයා අතර ඓතිහාසිකව ගොඩ නැගී ඇති ආතතීන් සමනය කිරීමට කලාව ඇසුරින් යම් උත්සාහයක් දැරීමයි. 1983 දී දෙමළ ජාතිකයින් පොදුවේ අත්විඳි ඛේදවාචකය සිංහල ජාතිකයින් ලෙසට ඔවුන් හා එක්ව සැමරීම අපගේ අරමුණ විය. එ් වන විට සාමාන්‍ය සමාජය තුළ මෙවැනි සැමරුමක් කෙරෙහි සැලකිය යුතු විරෝධයක් නොතිබිනි. විරෝධය පැමිනියේ විකල්ප සමාජ ක‍්‍රියාකාරකයින් අතිරිනි. එම යුගය තුල එල් ටී ටී ඊ සංවිධානයේ සන්නද්ධ ක‍්‍රියාවලිය අනුමත නොකර විකල්ප දේශපාලන සංවාදය තුළ රැඩිකල්ව පෙනී සිටීම අපහසු විය. එවකට “විකල්ප” මත අතර ප‍්‍රධාන තර්කයන් වූයේ “සිංහල ජාතිකයින් ලෙස අපට කල හැක්කේ සිංහල සමාජය තුල සිංහල ජාතිකවාදයට එරෙහිව සටන් කිරීමය; දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය එල් ටී ටී ඊ සංවිධානය විසින් බලා ගනු ඇත; ජාතික නිදහස් අරගලයක් තුළ දී මනුෂ්‍ය ඝාතනයන් සිදුවීම අනිවාර්යය; එ්වා එක්කෝ උපක‍්‍රමික ප‍්‍රහාරයන්ය; එසේත් නැත්නම් මර්ධනයන්ට විරුද්ධව ප‍්‍රතිචාර දැක්වීම්ය; සිංහලයන් ලෙස අපට එය ප‍්‍රශ්න කිරීමේ අයිතියක් නැත” යනාදී වශයෙනි. වැඩසටහනෙහි කොටසක් ලෙස රාජිනී තිරානගම ඝාතනය පිළිබඳව විශිෂ්ඨ නිර්මාණයක් වන ”කඳුළු නොමැත තව දෑසෙහි, සොයුරිය” යන චිත‍්‍රපටය පෙන්වීමට යෝජනා වුව ද, එල් ටී ටී ඊ සංවිධානය කෙරෙහි චිත‍්‍රපටයෙන් එල්ල වන විවේචනය නිසා එම අදහස ප‍්‍රතික්ෂේප විය. ප‍්‍රසංගය වෙත දමිළ සංගීත සහ ගායන කණ්ඩායම් සම්බන්ධ කිරීමට පොරොන්දු වූ ක‍්‍රියාකාරිකයන් අතර මැද දී ව්‍යාපෘථිය අත්හැර යාම නිසා අපි ප‍්‍රසංගයේදී ගී ගැයීමට ජනප‍්‍රිය දෙමළ ගායන කණ්ඩායමකට ආරාධනා කළෙමු. ප‍්‍රසංගය අතරතුර දී එම දෙමළ ජනප‍්‍රිය ගායන කන්ඩායම ගායනා කළ වේග රිද්මයේ ගීතයකට ප‍්‍රසංගය නැරඹීමට අහම්බෙන් පැමිණි දෙමළ තරුණයන් කිහිප දෙනෙකු නැටීමට පටන් ගත් හ. වහාම ක‍්‍රියාත්මක වූ වාමාංශික සහෝදරවරු සමහරෙක් එයට විරෝධය පා නැගිට ගියහ. සිය විප්ලවීය පරමාදර්ශය ලෙස එල් ටී ටී ඊ සංවිධානය ආරෝපණය කරගෙන සිටි මෙම සහෝදරවරුන් ට සාමාන්‍ය සාමාජයේ සැබෑ දෙමළ තරුණයන් පිරිසක් පිළිබඳ යථාර්තය පිළිගැනීමට නොහැකි විය.

මේ 2009 වසරයි. එල් ටී ටී සංවිධානය පරාජය වී ඇත. එදා එල් ටී ටී සංවිධානයේ මනුෂ්‍ය ඝාතනයන් අනුමත කල සමහර අය අද මානව අයිතිවාසිකම් ක‍්‍රියාකාරිකයන් ය. තවත් අය ශක්තිමත් සිවිල් සමාජයක් බලාපොරොත්තුවෙන් බලවත් (හිටපු)හමුදා නායකයකු බලයට ගෙන එ්ම සදහා ක‍්‍රියා කරමින් සිටී. අන්තර්ජාලයේ ද, විකල්ප පුවත්පත්වල ද නිදහස ට වේදිකා තැනූ අය අද කොහි ද? ජනවාර්ගික අර්බුදය පිළිබඳ ස්ථාවරය පැහැදිලි නොමැති නම් තමන් සමඟ සංවාදයටවත් නොපැමිනෙන ලෙස පැවසූ අය අද කොහිද? එක් ස්වාමියෙකුගෙන්, තවත් ස්වාමියෙකුගෙන්, තවත් ස්වාමියෙකු . . . . ට? අජිත් කුමාරසිරිගේ ගීතයක ඇති ලෙස මේ අය වමටත් හරවති. දකුණටත් හරවති.

බැලූ බැල්මට සමාජය උඩු යටි කුරු වී ඇත. එහෙත් අප සිතන අන්දමට සිංහල ජාතිකවාදී මතවාදය දෙසට සිංහල සමාජය ගමන් කිරීම චම්පික රණවක විසින් කල දෙයක් නොවනවා සේම ලාංකීය දේශපාලන සිතියම තුල ප‍්‍රධාන හා විකල්ප දේශපාලන ධාරාවල බෙදුම් රේඛාව මකා දැමීම ද ප‍්‍රභාකරන් විසින් කල දෙයක් නොවේ. මෙය අප ජීවත් වන සමාජයේ ආර්ථික දේශපාලනික හා සමාජ ව්‍යුහයන් ක‍්‍රමිකව බිද වැටී යාම හේතුවෙන් ඓතිහාසිකව නිර්මානය වූ තත්වයකි.

සිංහල සමාජය සිංහල ජාතිකවාදය දෙසට ඇදීයාම සිංහල ජාතියේ පසුගාමීයත්වයක් ලෙස දැකීමට අප හදිසි විය නොයුත්තේ දියුණු යැයි සලකන රටවල ද තත්වය මෙයට එතරම් වෙනස් නොවන බැවිනි. ධනවාදය ලෝක ක‍්‍රමයක් ලෙස ක‍්‍රමිකව සෑම රටකම ආර්ථික දේශපාලන හා සමාජ ව්‍යුහයන් බිද දමමින් හා අවශෝෂණය කරමින් ගමන් කරන විට, එය විසින් ඇති කරනු ලබන ආතතීන්ගේ ප‍්‍රතිඵල ලෙස මූලධර්මවාදී ප‍්‍රවනතාවන් වෙත එකී රටවල ජනතාව ගොනු වීම අද සෑම රටකම පාහේ නිරීක්ෂණය කල හැක.

ලාංකීය දේශපාලන සිතියම තුල ප‍්‍රධාන ධාරාව හා විකල්ප ධාරාව අතර ඇති බෙදුම් රේඛාව මැකී යාමද අහඹු දෙයන් නොවේ. මානව අයිතිවාසිකම්, ජනමාධ්‍ය නිදහස, සු`එ හා ආන්තික ජන කන්ඩායම්වල අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පොදු අයිතීන් ලෙස නොසලකා තමන්ගේ පටු අභිලාශයන් වෙනුවෙන් පක්ෂග‍්‍රාහීව යොදාගන්නා, සමාජයක අධිපති බලරටාවන් දිගටම පවත්වාගැනීමට කටයුතු කරන දේශපාලන භාවිතාව අපි ප‍්‍රධාන ධාරාවේ දේශපාලනය ලෙස හදුනාගනිමු. සමාජයේ පවතින බල රටා වෙනස් කර නව සමාජයක් වෙනුවෙන් කැපවන, මානව අයිතිවාසිකම්, සු`එ හා ආන්තික ජන කන්ඩායම්වල අයිතිවාසිකම්, ජනමාධ්‍ය නිදහස, හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි අදහස් අනාගත සමාජයක තිබිය යුතු පරමාදර්ශ ලෙස පමණක් ලෙස නොව තමන්ගේ වර්තමාන අරගලයේ ද ක‍්‍රියාකාරී පදනම් ලෙස සලකන දේශපාලන භාවිතාව අපි විකල්ප ධාරාවේ දේශපාලනය ලෙස හදුනාගනිමු. නමුත් ලාංකීය සමාජයේ එවන් දේශපාලන ධාරාවන් දෙකක් පවතී ද? එ් වෙනුවට ඇත්තේ ප‍්‍රධාන ධාරාව පමණක් නොවේ ද? අපගේ සමාජයේ ප‍්‍රධාන ධාරාව හා විකල්ප ධාරාව වශයෙන් දේශපාලන භාවිතාවන් දෙකක් ඇතැයි කෙරෙන බෙදීම ම ව්‍යාජයක් බව අපගේ අදහසයි. එ් වෙනුවට ඇත්තේ එකම දේශපාලන භාවිතාවක් ස්වරූප දෙකකින්. ප‍්‍රධාන හා විකල්ප ලෙස පෙනී සිටීමයි. විකල්ප යැයි සැලකෙන අදහස් තම බල ව්‍යාපෘතීන් යුක්තිසහගත කිරීමට හා සැගවීමට පමණක් උච්චාරණය කිරීම විකල්ප දේශපාලනයක් ලෙස අප තව දුරටත් සැලකිය යුතු ද?

ලංකාවේ විකල්ප යැයි කියා ගන්නා දේශපාලන ධාරාවල අභ්‍යන්තරය තුළ කරක් ගසා ඇති ඕනෑම කෙනෙකු, මානව අයිතිවාසිකම්, ජනමාධ්‍ය නිදහස, හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි අදහස් විකල්ප ධාරාවේ සංවිධාන තුල නායකත්ව තලයන්හි දී ප‍්‍රායෝගික නොවන හා අදේශපාලනික දේ ලෙස සලකා හාස්‍යයෙන බැහැර කරන බව හොදින්ම දනී. එමෙන්ම එවැනිි අදහස් දරන්නන් කණ්ඩායමට එරෙහි තර්ජනයන් ලෙස ද සැලකේ. සමාජය තුළ දහසක් මල්-දහසක් න්‍යායන් වෙනුවෙන් කතාකරන මෙම සංවිධාන තුළ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අභ්‍යන්තර සංවාදය මර්ධනය කිරීමට දහසක් විධික‍්‍රම හා දහසක් න්‍යායන් ඇත. මෙම සංවිධාන ප‍්‍රායෝගික තලයේත් න්‍යායාත්මක තලයේත් හිංසනය, මර්ධනය හා ආධිපත්‍යය තමන්ගේ පදනම ලෙස සලකයි. නමුත් දෙන ලද අවස්ථාවක තමන් ගොදුර ද දඩයක්කාරයා ද යන්න මත මතවාදී තලයේ දී මානව අයිතිවාසිකම්, සු`එ හා ආන්තික ජන කන්ඩායම්වල අයිතිවාසිකම්, ජනමාධ්‍ය නිදහස, හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් පෙනී සිටී. මේ ආකාරයට බලන කල මොවුන් ගේ භාවිතය ද ප‍්‍රධාන ධාරාවේ දේශපාලනයෙන් ගුණාත්මකව වෙනස් නැත. අප ලංකාවේ ප‍්‍රධාන දේශපාලන තලය තුළ ඇත්තේ එක් ප‍්‍රධාන දේශපාලන ධාරාවක ස්වරූපයන් දෙකක් යැයි පවසන්නේ මෙබැවිනි.

මානව අයිතිවාසිකම්, සහ ආන්තික ජන කන්ඩායම් වල අයිතිවාසිකම්, ජනමාධ්‍ය නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි අදහස් නෛසර්ගිකවම ප‍්‍රායෝගික නොවන හා අදේශපාලනික අදහස් නොවේ. ප‍්‍රගතිශීලී සමාජ වෙනසක ට අත්‍යවශ්‍ය වන මෙම අයිතිවාසිකම් අපගේ වාමාංශික භාවිතාවන් තුළ පහසුවෙන් බැහැර කිරීමේ ප‍්‍රතිඵලය වී ඇත්තේ කුමක් ද? ඉහත දැක්වූ ප‍්‍රධාන ධාරාවේ දේශපාලන ස්වරූපයන් දෙක විසින් ම එවැනි විකල්ප දේශපාලන සංස්කෘතියක් ඇති වීමට හැකියාව ලබාදෙන සමාජය තුල පැවති සිය`එ ව්‍යුහයන් විනාශ කර දමා ඇත. ප‍්‍රජාතත්ත‍්‍රවාදී සමාජයක් නිර්මාණය වීමට අවශ්‍ය අධෝව්‍යුහය විනාශ කර දැමීමෙන් පසුව, තමන්ගේ කණ්ඩායම් අභ්‍යන්තරයෙන් මෙන්ම සමාජයෙන් ද තමන්ට එරෙහිව පැමි’ය හැකි අභියෝග සියල්ල ප‍්‍රජාතන්ත‍්‍රිය නොවන ආකාරයට නිශ්ශබ්ද කල පසු මේ අයම සමාජයට මානව අයිතිවාසිකම්, ජනමාධ්‍ය නිදහස, හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ගෙන එ්ම වෙනුවෙන් අලංකාර රංගනයක යෙදී සිටිති.

සමාජයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී අධෝව්‍යුහය තමන් විසින්ම විනාශ කල පසු තමන්ට පක්ෂපාත අදහස්වලට පමණක් උපරිම මාධ්‍ය නිදහසක් ඇති, තමන්ට අයිති මාධ්‍ය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් තමන්ම පෙනීසිටීම කෙතරම් ආශ්වාදජනක අත්දැකීමක්ද?

ලාංකීය සමාජය තුළ විකල්ප දේශපාලනයක් නිර්මාණය කිරීම දීර්ඝ අරගලයකි. එය අප සමාජයේ පහලම තලයෙන් ආරම්භ කල යුතුය. යම් සමාජයක ඓතිහාසිකත්වයට සාපේක්ෂව එම සමාජයේ වෙනස්කම් ඇති කිරීම වෙනුවට සමාජයක් මතට ඉහලින් වෙනස්කම් ආනයනය කිරීමේ ප‍්‍රතිවිපාක ඇෆ්ඝනිස්ථානය විසින් අප හට පෙන්වා දී ඇත. යම් සමාජයක ඓතිහාසිකත්වයට ඇහුම්කන් දීමට නම් අප එ් සමාජයේ අදුරු මුලූවල ජීවත් වන දහසක් මිනිසුන්ගේ හ`ඩක් නොනැගෙන ඉතිහාසයන්හට සාවදාන විය යුතුය. දෙවියන් වැඩ ඉන්නේ එතන ය. තම ජීවිතය වෙනුවෙන් දිනපතා අරගල කරන මිනිසුන් හට අරගලය ගැන කියා දීමට යමක්, විප්ලවීය පක්ෂවල අභ්‍යන්තර මර්ධනයන් කීකරුව ඉවසා සිටින විප්ලවීය ක‍්‍රියාධරයන්හට තිබේ යැයි අප නොසිතන්නේ එබැවිනි. සාමාන්‍ය සමාජයෙන් වියෝවී කැලෑවල හෝ අදුරු කාමර තුල තම නායකයින්ගේ මනෝ භ‍්‍රාන්තීන්ට සවන් දීම ශර්ලොක් හෝම්ස් වර්ගයේ චිත‍්‍රපට තේරුම් ගැනීමට නම් උවිත විය හැක. එවැනි අධ්‍යාපන භාවිතයන්ගේ අන්තයන් ජිම් ජොන්ස්, ඬේවිඞ් කොරේෂ් වැනි අය පෙන්වා දී ඇත. නව සමාජ වෙනසක ප‍්‍රාර්ථනාවන් පෙරදැරිකරගෙන දේශපාලනයට පිවිසි තරුණ පරම්මරා කීයක් මෙවැනි භාවිතාවන් විසින් අපට අහිම කර ඇත් ද?

ලාංකීය සමාජය තුල විකල්ප දේශපාලනයක් නිර්මාණය කිරීමට නම් ඓතිහාසිකව විනාශව ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ව්‍යුහයන් නැවත ක‍්‍රම ක‍්‍රමයෙන් අප ගොඩනැගිය යුතුය. ප‍්‍රජා ආර්ථික ව්‍යුහයන් ගොඩ නැගිය යුතුය. ප‍්‍රජා ගුවන් විදුලිය වැනි සාමාන්‍ය මිනිස්සුන්ගේ හඬ නියෝජනය වන සන්නිවේදන ජාලයන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. සමාජ සංවාදය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාද භාවිතාවන් නිර්මාණය කර ගත යුතුය. දේශපාලන භාවිතාවන් තුළට වෛරය හා අපේක්ෂාභංගත්වය වෙනුවට බලාපොරොත්තු හා සිහින රැුගෙන ආ යුතුය. අරමුණ සේම මිනිස් ජීවිතද එකසේ වැදගත් බව අප ඉගෙන ගත යුතුය. නිදන් හෑරීමට මිනිසුන් බිල්ලට දීම වැනි ක‍්‍රියා විප්ලවීය භාවිතාවන්් නොවන බව අප දැන්වත් තේරුම් ගත යුතුය. බටහිර රටවල රාජ්‍ය තන්ත‍්‍රයන් අපගේ රටවල්වලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉගැන්වීමේ විහි`එව අප අවබෝධ කරගන්නවා සේම, එම රටවල මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන මිනිසුන් අතර හා එම රටවල රාජ්‍ය තන්ත‍්‍රයන් අතර වෙනස ද අප අවබෝධ කරගත යුතුය. එවන් මිනිසුන්ගේ අත්දැකීම්වලින් අපට ඉගෙන ගත හැකි ය. ඔවුන් සමඟ සම්බන්ධතා ගොඩ නගා ගත හැකි ය. මේ විකල්ප දේශපාලනයක් නිර්මාණය කිරීමට ඇති ක‍්‍රම කිහිපයක් පමණි. මේ නව මං සොයා යාම ම වූ කලි ” ඇඟ කිළිපොලා යන” ත‍්‍රාසජනක අත්දැකීම් නොවුන ද, දේශපාලනයේ දී අත්‍යවශ්‍ය කාර්යයන් ය.

මේ අර්ථයෙන් ගත්කල, පසුගිය කාල වකවානුව තුළ පවා ලංකාවේ විකල්ප දේශපාලනයක් නිර්මාණය කිරීම සදහා බොහෝ මිනිසුන් කැපවීමෙන් ක‍්‍රියා කළ ද බලාපොරොත්තු විය හැකි ලෙස ම ඉහත විකල්ප ධාරාව මෙම අත්දැකීම් කෙරෙහි අන්ධ විය. ඈත ගම් දනව්වල දරුවන්ට නාට්‍ය, චිත‍්‍රකලාව උගන්වන කලා කරුවන්, බිඳ වැටෙමින් යන අධ්‍යාපන ක‍්‍රමයට එරෙහිව තනිවම අරගල කරන ගුරුවරුන්, සරණාගත කඳවුරුවල සහෝදර ජනතාව වෙනුවෙන් සිය කාලය සහ ශක්තිය කැප කරන ප‍්‍රජා ක‍්‍රියාකරියන් ආදී සුවහසක් නිහඬ ලාංකීය ගැහැනුන් සහ පිරිමින් සිටින්නේ මේ සංදර්ශනීය “විකල්ප ධාරාවට” පිටතිනි. ඔවුන්ගේ දුෂ්කර අරගලය වෙනුවට අප දිනපතා දුටුවේ ජාතිවාදී හා ජාතිවාදී නොවන ලෙස පිල් බෙදී එකිනෙකාට එරෙහිවෙමින් කෙරුනු ඇ`ග කිලි පොලා යන රෙස්ලින් සටනකි. සැබෑ රෙස්ලින් තර`ගවල දී තරගකරුවන් සටන් වදින්නේ සැබෑවට නොව නරඹන්නන් උදෙසා ය. අපගේ වාසනාවකට ජෙනරල් තුමා පැමිණ, අප මෙතෙක් බලමින් පැවතියේ රෙස්ලින් තරගයක් බවට අපට මතක් කර දී ඇත. පැරණි සටන් කරුවන් ම නව සටනකට නව ඇදුම්වලින් සැරසී නව භූමිකා රැුගෙන තරඟ බිමට පැමින ඇත. සියල්ලන් මෙතෙක් සටන් කර ඇත්තේ නරඔන්නන් වෙනුවෙනි. පේ‍්‍රක්ශකාගාරයෙන් අපට නැගිට යාමට කාලය පැමිණ ඇත. මේ මැතිවරණ වේදිකාව විසින් කිසිවක් වෙනස් කරනු ඇති ද?

දේශපාලනය ඇත්තේ අන් තැනක ය.

ප‍්‍රභා මනුරත්න

බුද්ධික බන්ඩාර

ජායාරූපය කල්‍යානන්ද පෙරේරා

3 responses to “මේ මැතිවරණ වේදිකාව විසින් කිසිවක් වෙනස් කරනු ඇති ද?

  1. ලාංකීය සමාජය තුල විකල්ප දේශපාලනයක් නිර්මාණය කිරීමට නම් ඓතිහාසිකව විනාශව ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ව්‍යුහයන් නැවත ක‍්‍රම ක‍්‍රමයෙන් අප ගොඩනැගිය යුතුය. ප‍්‍රජා ආර්ථික ව්‍යුහයන් ගොඩ නැගිය යුතුය. ප‍්‍රජා ගුවන් විදුලිය වැනි සාමාන්‍ය මිනිස්සුන්ගේ හඬ නියෝජනය වන සන්නිවේදන ජාලයන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. සමාජ සංවාදය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාද භාවිතාවන් නිර්මාණය කර ගත යුතුය. දේශපාලන භාවිතාවන් තුළට වෛරය හා අපේක්ෂාභංගත්වය වෙනුවට බලාපොරොත්තු හා සිහින රැුගෙන ආ යුතුය. “අරමුණ සේම මිනිස් ජීවිතද එකසේ වැදගත් බව අප ඉගෙන ගත යුතුය. නිදන් හෑරීමට මිනිසුන් බිල්ලට දීම වැනි ක‍්‍රියා විප්ලවීය භාවිතාවන්් නොවන බව අප දැන්වත් තේරුම් ගත යුතුය. බටහිර රටවල රාජ්‍ය තන්ත‍්‍රයන් අපගේ රටවල්වලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉගැන්වීමේ විහි`එව අප අවබෝධ කරගන්නවා සේම, එම රටවල මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන මිනිසුන් අතර හා එම රටවල රාජ්‍ය තන්ත‍්‍රයන් අතර වෙනස ද අප අවබෝධ කරගත යුතුය. එවන් මිනිසුන්ගේ අත්දැකීම්වලින් අපට ඉගෙන ගත හැකි ය. ඔවුන් සමඟ සම්බන්ධතා ගොඩ නගා ගත හැකි ය. මේ විකල්ප දේශපාලනයක් නිර්මාණය කිරීමට ඇති ක‍්‍රම කිහිපයක් පමණි. මේ නව මං සොයා යාම ම වූ කලි ” ඇඟ කිළිපොලා යන” ත‍්‍රාසජනක අත්දැකීම් නොවුන ද, දේශපාලනයේ දී අත්‍යවශ්‍ය කාර්යයන් ය.”

    ‍ඉහත කොටස උපුටා දැක්වූයේ මා ඒ කොටසට පමණක් ඇලුම් කරන නිසා නොවේ. සමස්තයක් ලෙස මෙම ලිපිය විසින් වැදගත් දේශපාලන සලකුණු කිරීමක් කරන බව මගේ අදහසයි.

    එහෙත්, අප විසින් මේ අපේ ඇසට ඇඟිල්ලෙන් ඇණ පෙන්වා ගන්නා දැල ප්‍රායෝගික භාවිතාව තුළ අප වටා ද අප විසින් ම පටළවා ගනිමින් තිබේ යයි මට සිතේ.

  2. සාකච්ඡාවට ලක් විය යුතු ‍‍වැදගත් ‍කරුණු රැසක් ඔබේ ලිපියේ දකිමි. එයින් ප්‍රමුඛ ලෙස මා දකින කරුණු කිහිපයක් පමණක් පහත මතු කරන්නමි.

    1. ජාතිකවාදය සහ ප්‍රබල ආගමික හැඟීම පූර්ව-ධනේශ්වර සංසිද්ධීන් යැයි ඔබ කියන්නේ ‍යැයි නොසිතමි. දියුණු ධනපති රටවල අදද ආගමික හැඟීම් ප්‍රබලය. මූලධාර්මික ඒවාම නොවේ. දලයි ලාමා, ටික්නා හාන්, භාවනාව, යෝගා යනාදිය මෙම එකම හැඟීම ගන්නා විවිධ ස්වරූප නොවේද? එයින් පෙන්නුම් කරන්නේ මිනිසා ජීවිතයේ සොයන අධ්‍යාත්මික පක්ෂයද? නූතනත්වය තුළ සිදුවූ, වේබර් දුටු “වසඟයෙන් මිදීම” තූළ තමාට අහිමිව ගිය දෙයද මිනිසා මේ යළි යළිත් සොයන්නේ? මේ අර්ථයෙන් ගත් කළ ආගමික හැඟ‍ීම මූලධර්මවාදී වීම ඇරඹෙන්නේ කොතැනින්ද?

    2. ඔබ දක්වා ඇති පරිදි “සිංහල සිවිල් නායකයකු විසින් උපරිම තලයකට ගෙන ආ සිංහල ජාතිකත්වය සිංහල (හිටපු) හමුදා නායකයකු අතින් නිෂ්ඨාවට පත්” කළ හැකි වුවහොත් එයින් සිංහල ජාතිකවාදය ගැන කියැවෙන්නේ කුමක් ද? එය ඔබ දක්වා ඇති පරිදි නායකයෙකු විසින් හුදෙක් පොළඹවා ලූ, එහි පැවැත්මට ජීවය දෙන හරයකින් තොර දෙයක්ද? ජාතිකවාදී ව්‍යාපාරයෙහි ලා සහභෘගීවන බහුජන පිරිස ඉන් කරන්නේ හුදෙක් තම සාංකාව පළකිරීමක්ද? එසේ නම්, මෙහිලා අප සමාජ සංසිද්ධියක් ලෙස ජාතිකත්වය පිළිබඳ පළකරන්නේ කුමනාකාර අවබෝධයක් ද?

    3. “සිංහල ජාතිකවාදී මතවාදය දෙසට සිංහල සමාජය ගමන් කිරීම” “අප ජීවත් වන සමාජයේ ආර්ථික දේශපාලනික හා සමාජ ව්‍යුහයන් ක‍්‍රමිකව බිද වැටී යාම හේතුවෙන්” සිදූවූවක් නම් එම “බිඳ වැටී යන ආර්ථික දේශපාලනික හා සමාජ ව්‍යුහයන්” මොනවාදැයි අප සාකච්ඡා කළ යුතුය.

    “ධනවාදයේ ගෝලීය ව්‍යාපතිය මගින් ඇති කරන ආතතියන් හේතුවෙන් මූලධර්මවාදී ප‍්‍රවනතාවන් වෙත ජනයා ගොනුවන්නේ නම්,” දියුණු යැයි සලකන රටවල ජාතිකවාදය, ‍ආරම්භයේදී ධනවාදයේ වර්ධනයත් සමග අත්වැල් බැඳගෙන ඇතිවූවක් වීම අප තෙරුම් ගන්නේ කෙසේද?

    4. ඊනියා “විකල්ප ධාරාවේ” දේශපාලනයට අත්වී ඇති කණගාටුදායක ඉරණම පිළිබඳ ඔබේ නිරීක්ෂණ ඉතා වැදගත් යැයි මම සිතමි. අපගේ උත්සාහය විය යුත්තේ අපගේ ලෝකය වඩා යහපත් තැනක් කරනු ඇතැයි අප සිතන විශ්වාස සහ භාවිතයන් අපගේම පෞද්ගලික, වෘත්තීය සහ මහජන ජීවිතයන් තුළ හැකිතාක් දුරට දැනුවත්ව සැබෑවක් බවට පත් කර ගැනීමය. අපට අප සමාජය ප්‍රජාතන්ත්‍රවාදී වීම අවශ්‍ය නම් පළමුව අප ම භාවිතයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය, බහුත්වවාද‍ය පිළිබඳ අලංකාරිකයන් ලොවට දෙසන බොහෝ දෙනෙකු තම ශාස්ත්‍රීය හෝ දේශපාලන කටයුතු වලදී මෙන්ම වෘත්තීය ජීවිත වලද, ප්‍රජාතන්ත්‍රවාදය හෝ බහුත්වවාද‍ය අගය නොකරන්නේ ය යන්න සැබෑවකි. අපමත් කොතෙක් දුරට එසේ වන්නේදැයි අප විමසිය යුතුය.

    5. දෙන ලද සමාජයක සමාජ විපර්යාසයේ ශක්‍යතාව එහි ඓතිහාසිකත්වයට යටත් කරණකි යනුවෙන් ඔබ මතුකරන කරුණ ඉතා වැදගත්ය. සමාජයක ඉතිහාසය යනු එහි සම්ප්‍රදායයන් ය යන්න අපට අමතක කළ නොහැකිය. අපට අලුත් විය හැක්කේ සම්ප්‍රදාය තුළය.

    ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නිර්ප්‍රභූ ජනකොටස් දේශපාලනයෙහි ලා සක්‍රීයව සහභෘගි වන්නට නම් ඔවුනගේ ජීවන තත්වය නගා සිටුවීම අවශ්‍ය වෙයි. එසේ නොවුවහොත් දේශපාලනය බඩ කට පුරව‍ා ගැනීම ඉලක්ක කර ගත්තක් වීම වළක්වනු නොහැකි ය.

    අපට තිබුණු “ ඓතිහාසිකව විනාශව ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ව්‍යුහයන්” කවරේද? ඒවා විනාශ වූයේ කෙසේද? විනාශ කළෝ කවරහුද? වෙනස් වී ඇති තත්ත්වයන් තුළ ඒවා එපරිද්දෙන්ම නැවත ගොඩනැගිය හැකිවනු ඇත්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ව්‍යුහයන් යළි ගොඩ නැගීමේ උත්සාහයන්ට ධනවාදය කැටුව ආ පරිභෝජනවාදය කුමන බලපෑමක් කරන්නේද? එය ජයගන්නේ කෙසේද?

    “ දේශපාලන භාවිතාවන් තුළට වෛරය” ගෙන එන්නේ ලොවේ යහපත නොව පෞද්ගලිකව තමනට අහිමිව ඇති දේ පිළිබඳ වෛරයෙන් දේශපාලනයට පිවිසෙන්නන් නොවේද?
    යහපත් යැයි අප සිතන අරමුණු වෙනුවෙන් මිනිසුන් බිල්ලට දෙන දේශපාලනය ලොව විනාශ කරයි. ඊනියා සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් යටින් ඇත්තේ ඇත්තේ එබඳු දේශපාලන අදහසක නොවේද?

  3. පින්ග්කිරීම: කුමුදු ගේ තීරුව « Kathika·

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )