යාඥ මධ්‍යස්ථානයේ සිදුවීම, ඇදහිලි කල්ලි, සහ ලාංකීය සංස්කෘතික අර්බුදය.

අපගේ සමාජ අත්දැකීම් ජනමාධ්‍ය මඟින් තියුණු ලෙස සංස්ලේෂණය කරන යුගයක වරින් වර මතුවන ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්ති දින කිහිපයක් හෝ සති කිහිපයක් පුරා අපගේ අවධානය දිනාගෙන ඉක්මණින් අපගේ මතකයෙන් ගිලි හී යයි. ජනමාධ්‍ය තුළ පසුගිය කාල තුළ මෙසේ ඇති වී නැති වී ගිය, මතකයේ ඇඳී, මොහොතකට රැුඳී අමතකව ගිය ප‍්‍රවෘත්ති අතර සැඟව මිය ගිය දරුවන්, රෝගීන්, කාන්තාවන්, පිරිමින් සංඛ්‍යාව දෑඟිලිවලින් ගිණිය නොහැකි ය. යුද්ධයේ අතුරු ඵලයක් ලෙස සළකණු ලැබ, වරෙක අනුකම්පාවද, වරෙක ගර්හාව ද හිමි වූ සහෝදර දමිළ අවතැන් වූ පිරිස් මෙම වසර මැද දී මෙසේ ජනමාධ්‍ය තුල කතා බහට ලක් විය. යුද්ධය නිමා වූ පසු, බලවතුන්ගේත්, පොලීසියේත්, හිංසනයේත්, නොසැලකිල්ලේත්, දේශපාලනයේත් ප‍්‍රතිඵල ලෙස මිය ගිය සංඛ්‍යාව ගැන දැන් එතරම් නිශ්චිත ගණනයක් නොමැත. එ් අතර, රුබෙල්ලා එන්නත් වැරදී මිය ගිය දැරියන්ගේ සිට, අනුන්ට තැබූ බෝම්බයකට හසු වී කුරුණෑගල වෑන් රියක දී මිය ගිය දරුවා ද, පොලිස් ප‍්‍රහාරයකින් මිය ගිය මානසික රෝගියෙකු ද, නවක වදය නිසා රෝගී වූ විශ්ව විද්‍යාල හා පාසල් සිසුන් ද, මැතිවරණ ගැටුම්වලදී මිය ගිය දේශපාලන පක්ෂ ආධාරකරුවන් ද, අන්තනෝමතික පොලිස් පැහැර ගැනීමකට ලක්ව පහර දීම්වලින් මිය ගිය අඟුලානේ තරුණයන් ද මෙයින් අතලොස්සක් පමණි. මේ මොහොතේ දීත්, ශ‍්‍රී ලංකාවේ සියලූ ජනවර්ගයන්ට අයත් ගැහැණුන් සහ මිනිසුන් කී දෙනෙකු මියගිය හෝ අතුරුදහන් කරවනු ලැබූ සිය නෑසියන් ගැන සිතමින් ලතැවෙනවා ඇත් ද? සූකර උණ, ඩෙංගු උණ ආදී දරුණු සෞඛ්‍ය ව්‍යසනයන්ගේ ප‍්‍රතිඵල ලෙස මිය ගිය තම දරුවන් ගැන සිතමින් ළතැවෙන දෙමව්පියන් කී දෙනෙකු ඇත් ද?

මේ මහා සමාජ ඛේදවාචකයන් ගේ තවත් ගොදුරක් වූයේ දින කිහිපයකට පෙර ක‍්‍රිස්තියානි ආගමික නිකායක් විසින් පවත්වා ගෙන ගිය දේව ආශිර්වාදයෙන් රෝග සුවකිරීමේ දේව මෙහෙයකට සහභාගි වීමෙන් පසු මියගිය පුද්ගලයන් දෙදෙනෙකු ය. අනතුරුව අදාළ නිකායේ මධ්‍යස්ථානයකට බෞද්ධ භික්ෂූන් ප‍්‍රමුඛ දේශපාලන පක්ෂයක ප‍්‍රහාරයක් එල්ල විය. මෙම සිදුවීම පිළිබඳව දැනට මතු වී ඇති සංවාදයේ වැඩි අවධානය යොමු වී ඇත්තේ දෙවනුව සිදුවූ දේශපාලනික පහර දීම වෙත වුව ද එය වඩා සංකීර්ණ විග‍්‍රහයකට ලක් කිරීමේ වැදගත් කම අවධාරණය කිරීම මෙම කෙටි ලිපියේ අරමුණ ය.

අපගේ පළමු යෝජනාව නම් මෙම සමස්ත සිදුවීම කෙරෙහිම අපගේ ගැඹුරු අවධානය යොමු විය යුතු ය යන්නයි. එනම් මෙම ක‍්‍රිස්තියානි ආගමික නිකාය විසින් කරගෙන යන්නේ යයි සැක කළ හැකි වංචාකාරී රැුවටුම් ක‍්‍රියාවළිය, ශ‍්‍රී ලංකාව තුළ ඓතිහාසිකව සිදු වී ඇති අන්‍යාගම්කරණ ක‍්‍රියාවළිය, අදාළ පුද්ගලයන් මෙම දේව මෙහෙයට සහභාගී වීමට පෙළඹ වූ සමාජ දේශපාලනික හා ආර්ථික කරුණු, මෙම පහර දීමෙන් ඉස්මතු වන බෞද්ධාගම දේශපාලනීකරණය වීමේ අර්බුදය සහ භික්ෂූන් වහන්සේලාගේ ද සම්බන්දයන් සහිතව ක‍්‍රියාත්මක වන මැරකල්ලි යොදා සිදුකරන පහර දීම් ආදී සියලූ අංශ කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු ය යන්නයි.

දෙවනුව අපට මෙම සිදුවීමේ දේශපාලනික සහ සංස්කෘතික සන්දර්භය සැලකිල්ලට ගැනීමට සිදුවේ. එනම් ශ‍්‍රී ලංකාව තුළ දැනට පවතින හිංසාකාරී සමාජ ව්‍යුහයේ මෑතකාලීන ප‍්‍රකාශමාන වීමවලින් වියුක්ත ලෙස අපට මෙම සිදුවීම සැලකිය නොහැකි ය. රජයෙන් සපයන එන්නත් විෂ වී දරුවන් මිය යන වටපිටාවක මිනිසුන් සාතන් පලවා හැර රෝග සුව කිරීම පිළිබඳව විශ්වාසය තැබීම එතරම් පුදුමයක් නොවේ. අපට මෙම සිදුවීම පිරමීඩ තැන්පත් ආශ‍්‍රයෙන් මෑතක සිදු වූ වංචාවලින් වියුක්තව සාකච්ඡුා කළ හැකි ද? වෙනත් ආකාරයකින් කියන්නේ නම් අප මෙම සිදුවීමෙහි සමාජ දේශපාලනික සන්දර්භය සළකුණු කිරීම වැදගත් ය. මේ සඳහා මෙවැනි සිදුවීමක් දෙස අන්තර්ක්ෂේත‍්‍රිත දෘෂ්ඨිකෝණයකින් බැලීමෙන් සාමාන්‍යයෙන් ජනමාධ්‍ය තුළ මෙවැනි සිදුවීම් විග‍්‍රහ කෙරෙණ ආකාරයට වඩා සංකීර්ණභාවයක් මතු කර ගැනීම ද අපගේ උත්සාහයයි.

අප මෙම ලිපිය තුළ ”සංස්කෘතිය” යන්න නිර්වචනය කිරීමට පාදක කර ගන්නේ රේමන්ඞ් විලියම්ස් විසින් සංස්කෘතිය පිළිබඳව පදනම් කරගත් අදහස ය. විලියම්ස් ට අනුව කිසියම් සමාජයක සංස්කෘතිය යනු එහි ”සමස්ත ජීවන ආකාරය ම ය.” මෙහිදී විලියම්ස් සිය විශ්ලේෂණාත්මක වර්ගකරණය ලෙස භාවිතා කරන්නේ ”භාවමය ව්‍යුහය” යන්නයි:

මෙය විස්තර කිරීම ස`දහා මා යෝජනා කරන වචනය වන්නේ භාවමය ව්‍යුහය යන්නයි: ”ව්‍යුහය” යන්නෙන් ගම්‍ය වන තරමටම ස්ථාවර සහ නිශ්චිත වුව ද, එය ක‍්‍රියාත්මක වන්නේ අපගේ ක‍්‍රියාවන්ගේ අවම ලෙස ස්පර්ෂණීය සහ සියුම් කොටස්වල ය. එක් අර්ථයකින් ගත් කල මෙම භාවමය ව්‍යුහය යනු යුගයක සංස්කෘතියයි: එය වූ කලි පොදු සංවිධානගත ආකාරයේ සියලූම සංඝටකයන්ගේ සුවිශේෂ ජීවමාන ප‍්‍රතිඵලයයි (විලියම්ස්, දීර්ඝ විප්ලවය 64)

මේ අනුව යමින් විලියම්ස් 1960 දශකයේ බි‍්‍රතාන්‍ය සමාජ අර්බුදය විග‍්‍රහ කිරීම සඳහා කම්කරු පාංතික නිවෙස්වල ගෘහණින්ට රෙදි සෝදන යන්ත‍්‍ර මිලදී ගැනීමට හැකි වීමේ සිට බි‍්‍රතාන්‍ය වාමාංශික ව්‍යාපාරයේ බිඳවැටීම දක්වා විහිදුනු කරුණු ගණනාවක් පාදක කර ගනියි. එනයින් ගත් කල සංස්කෘතික අර්බුදය, සමස්ත දේශපාලන, ආර්ථික, සහ සමාජයීය අර්බුදයෙන් වියුක්තව සැලකිය නොහැකි ය. මෙම න්‍යාය ගත කිරීම යොදා ගනිමින් අප විසින් ඉහතින් දක්වන ලද ආකාරයට අදාල සිදු වීම සමස්ථයක් ලෙස විග‍්‍රහ කිරීම සහ සංදර්භයන් සලකුනු කිරීම අවශ්‍යය.. එම විග‍්‍රහය ඇසුරින් අපට මෙම සිදුවීම විසින් ගම්‍යමාන කරන අපගේ සංස්කෘතියේ වර්තමාන භාවමය ව්‍යුහයන් ගවේෂණය කිරීමට හැකිවනු ඇත. අප පහත සටහන් කරන්නේ එවැනි අධ්‍යයනයක දී සැලකිල්ලට ගත හැකි යයි අප විශ්වාස කරන කරුණු කිහිපය කි. අදාළ සිදුවීමේ දී නිශ්චිත ලෙස බලපෑ සංස්කෘතික සංඝටකයන් විනිශ්චය කර ගත හැකි වනුයේ එබඳු ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ය.

* යම් ආගමකට බලයෙන් හෝ ප‍්‍රතිලාභ ඉදිරිපත් කිරීම මගින් හරවා ගැනීමේ ක‍්‍රියාවලිය ආගමකට ලඝු නොකර එය සමාජ විද්‍යාත්මක ප‍්‍රපංචයක් ලෙස ගෙන විග‍්‍රහ කිරීම. මෙවැනි ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක වන්නේ ආගම් තුල පමනද? දේශපාලන සංවිධාන තුල තම දේශපාලන දර්ශනයන් වෙත පුද්ගලයන් හරවා ගැනීම අප මෙලෙසම තේරුම් ගත යුතුද? වෙළද භාන්ඩ විකිනීමේ ක‍්‍රියාවලිය තුල ඉදිරිපත් කරනු ලබන ප‍්‍රතිලාභ අපි තේරුම් ගන්නේ කෙසේද?

* සමාජයේ පවතින පොදු ආගමික සංස්ථාවන් සහ විවිධ කාල වල එම ආගමික අදහස්ම උච්චාරනය කරමින් ගොඩ නැගෙන ඇදහිලි කල්ලි අතර වෙනස අප සමාජ විද්‍යාත්මකව තේරුම් ගන්නේ කෙසේ ද?. මෙම සිදුවීමට ක‍්‍රිස්තියානි ආගම වග කිව යුතුය යන්න අප පවසනවා නම් ටෝකියෝවේ උමං දුම්රිය මාර්ගයට ගෑස් ප‍්‍රහාරයක් එල්ල කල බුද්ධ ධර්මය හා තාවෝ ධර්මය මත පදනම් වූ ශෝකෝ අසහාරාගේ කන්ඩායමේ ක‍්‍රියාව අප කෙසේ වටහා ගත යුතුද? එයට බුදු දහම වග කිව යුතුද? එසේත් නැත්නම් ඇමෙරිකාවේ ඔරිගන් ප‍්‍රාන්තයේ ආපන ශාලා වල ජල නල වලට සැල්මොනෙල්ලා විශ බීජ එක්කල බුදු දහමේ හා සෙන් දහමේ අදහස් මත පදනම් වූ රාජ්නීශ් කල්ලියේ ක‍්‍රියාව අප කෙසේ වටහා ගත යුතුද? එසේත් නැත්නම් අල්කයිඩා ප‍්‍රහාරය ට මුස්ලිම් ආගම වගකිව යුතුද? අප මෙහිදී යෝජනා කරන්නේ මෙවැනි කන්ඩායම් උච්චාරනය කරනු ලබන අදහස් වලට වඩා මෙවැනි කන්ඩායම් වල පොදු ව්‍යහාත්මක ලක්ෂණ හා භාවිතා කරනු ලබන උපක‍්‍රම දෙස අවදානය යොමු කල යුතු බවයි. ක‍්‍රිස්තියානි ධර්මය, බුද්ධ ධර්මය, මුස්ලිම් ධර්මය වැනි ආගමික අදහස් මත පමනක් නොව මාක්ස් වාදය, මනෝ විද්‍යාව, මානව අයිතිවාසිකම්, ධනාත්මක චින්තනය, හෝ වෙනත් ඕනෑම අදහස් පද්ධතියක් මත පදනම්ව විශාල මිනිසුන් ගණනාවක් ශාරීරිකව හා මානසිකව විනාශය කරා රැුගෙන යන ආගමික නොවන ඇදහිලි කල්ලි බොහෝ ගනනක් ඉතිහාසයේත් වර්තමානයේත් ලෝකය පුරා දක්නට ඇත. අප අදාල සිද්ධියට වග කිව යුතු යැයි සැලකෙන ආගමික මධ්‍යස්ථානය ඇදහිලි කල්ලියක් ලෙස හදුනා ගන්නවාද? එ් මොන මිනුම් ද`ඩු වලට අනුව ද?

* ශි‍්‍ර ලංකාව තුළ බෞද්ධාගම හා ක‍්‍රිස්තියානි ආගම අතර ඓතිහාසිකව ගොඩනැගී ඇති ගැටුම්කාරී ස්වභාවයත් එ්වා අතර ගොඩනැගී ඇති සමරූපීභාවයත් තේරුම් ගැනීම. ක‍්‍රිස්තියානි ආගම ශ‍්‍රී ලංකාවට පැමිනියේ යටත් විජිත කරන ක‍්‍රියාවලියේ කොටසක් ලෙසටය. එනම් පැහැදිලි ලෙසම බල ව්‍යාපෘතියක කොටසක් ලෙසටය. එමෙන්ම මෙම බල ව්‍යාපෘතියට එරෙහි අරගලයේ මූලික තැනක ඉතිහාසයේ සිටම භික්ෂූන් වහන්සේලා ක‍්‍රියාකර ඇත. මෙම නිසා ක‍්‍රිස්තියානි ආගම ව්‍යාප්තවාදයක් ලෙසට තේරුම් ගැනීමටත්, භික්ෂූන් වහන්සේලා දේශපාලනයට මැදිහත් වීම යුක්තිසහගත වීමටත් හැකියාව ඇති ඓතිහාසිකත්වයක් තුල අප සිටින බව වටහා ගත යුතුය. තවත් අතකට මෙම ඓතිහාසිකත්වය සැම විටම වර්තමානයේ ක‍්‍රිස්තියානි ආගම පිළිබද අවසාන මිනුම් දන්ඩ ලෙස සැලකිය යුතුද? ලංකාවේ මුල් ස්වදේශික ජනතාවගේ කොණයෙන් බලන කල බෞද්ධාගම ඔවුනට බල ව්‍යාපෘතියක කොටසත් ලෙස පෙනුනා විය නොහැකිද?

* බුදු දහමට හා ක‍්‍රිස්තියානි දහමට ඓතිහාසිකව වෙනත් මුල් කාලීන ස්වදේශික ඇදහිලි විශ්වාසයන් ගනනාවක් අන්තර්ග‍්‍රහනය වී ඇත. බලි තොවිල් හා යකුන් එළවීම වැනි දේ ආගන්තුක නොවන බෞද්ධයන්හට ක‍්‍රිස්තියානි ආගමේ සාතන් පලවා හැරීම එතරම් ආගන්තුක විය හැකි ද? දේව මෙහෙයට සහභාගී වූ බෞද්ධයන් හට මෙම සමරූපිතාවය බල පෑවා විය නොහැකිද?

* ශ‍්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික තත්ත්වය තුළ බොහෝ දෙනා මුහුණ දෙන ආර්ථික ගැටළු ගණනාවක් ඇත. අදාළ අවස්ථාවේදී ගොදුරු වූ පුද්ගලයන් එම ස්ථානයට ගොස් තිබුනේ සුව කිරීමේ මෙහෙයකට වුව ද පොදුවේ ගත්කල සමාජයේ විසඳා ගැනීමට දුෂ්කර ආර්ථික ගැටළුවලට මං සෙවීම සඳහා බොහෝ දෙනා මෙවැනි අවස්ථාවන්ට සහභාගී වෙති. පොදුවේ ආර්ථිකයත්, සමාජ ශුභ සාධන සේවාත් දුර්වල වී ඇති සමයක මිනිසුන් සිය ආර්ථික ගැටළුවලට විසඳුම් සොයා ගැනීම සඳහා මෙවැනි කෙටි විසඳුම් සෙවීම පුදුමයක් නොවේ. එම නිසා, මෙම සිදුවීමෙහි ආර්ථික මානය එක් අතකින් සමස්ත සමාජ ආර්ථික අර්බුදය තුළත්, වඩා සුවිශේෂී ලෙස මෙවැනි ව්‍යාජ විසඳුම් ඉදිරිපත් කරන සංවිධාන හෝ පුද්ගලයන් තුළත් අපට සෙවිය හැකි ය. මෑතකදී මහත් ආන්දෝලනයට තුඩු දුන් ගෝල්ඩන් කී සිදුවීම, සක්විති සිදුවීම, පිරමීඩ ඉතුරුම් ක‍්‍රම ආදියට ගොදුරු වූ පුද්ගලයන් සහ මෙම සිදුවීම අතර සම්බන්ධය ද සෙවීම වැදගත් වනු ඇත.

* වසර තිහකට අධික කාලයක් පුරා පැතිරුණු යුද්ධයකින් ද, ජ. වි.පෙ. මුල් වූ සිවිල් අරගල දෙකකින් ද, සාමාන්‍යකරණය වූ හිංසනයෙන් ද බැට කෑ ශ‍්‍රී ලාංකික සමාජය තුළ බොහෝ දෙනා විවිධ මානසික ආතතීන්ගෙන් පෙළෙති. එහෙත් මෙම මානසික ගැටළුවලට මුහුණ දෙන අයට සහය වීම සඳහා ප‍්‍රමාණවත් තරම් මානසික සෞඛ්‍ය සේවා සපයනන්නන් හෝ ආයතන ශ‍්‍රී ලංකාව තුළ නොමැත. එමෙන්ම, මෙබඳු ආතති-ජනක සිදුවීමවලින් පසුව කිසිදු සාමූහික සමාදානික ක‍්‍රියාවලියක් සමාජය තුල සිදු කෙරි නැත. මෙම හේතුවෙන් එබඳු ආතතීන් තව දුරටත් අපගේ සමාජය තුළ නිදන් ගතව ඇති අතර බොහෝ විට එ්වා පුද්ගලික තලයේ හෝ සමාජීය තලයේ විවිධ අවස්ථාවල පුපුරා යනු අපට නිරීක්ශනය කල හැක. දේව ආශිර්වාදයන් පතා මිනිසුන් ඇදී යාම පිටුපස මෙන්ම, එම මරන වලින් පසුව එයට එරෙහිව නැගී ආ හිංසාකාරී ප‍්‍රතිචාරයන් පිටුපසද ක‍්‍රියාත්මක වන පුද්ගලික හා සමාජයීය මානසික ආතතීන් මොනවා ද යන්න සොයා බැලීම වැදගත් යැයි අප සිතන්නේ මෙනිසාය.

* ඇදහිලි කල්ලි හා එබඳු ආකෘතික ලක්ෂණ දරන සංවිධාන වලට එරෙහිව පියවර ගැනීමට අවශ්‍ය වන නීතිමය රාමුවක් ශ‍්‍රී ලංකාව තුළ නොමැතිය. මෙබ`දු සිදුවීම් වලින් අපට යලි යලිත් සිහිපත් කර දෙන්නේ වංචාකාරී හා රැුවටිලිකාරී ආගමික හෝ ආගමික නොවන සංවිධානවලට ගොදුරු වූ පුද්ගලයන්ගේ අයිතීන් තහවුරු කිරීම සදහා නීතිමය රාමු ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයයි. අනෙක් අතින් මෙවැනි අවස්ථා වලදී දේශපාලන හෝ මැර කල්ලි නීතිය අතට ගන්නවා වෙනුවට පවතින නීතිමය රාමුව තුළ වැරදි කරුවන්ට දඩුවම් ලබා දීමේ නීතිමය සංස්කෘතියක් වෙනුවෙන් අප පෙනී සිටිය යුතුය.

* මෙම සිදුවීම හරහා මතු වී ඇති තවත් සංවාදයක් වන්නේ අන්‍යාගම්කරණ පනත හඳුන්වා දිය යුතු යයි බෞද්ධ භික්ෂූන් විසින් ඉදිරිත් කරන සංවාදයයි. මෙහිදී, සෑම මනුෂ්‍යයකුගේම මූලික අයිතිවාසිකමක් වන ආගමක් ඇදහීමේ සහ එය ප‍්‍රචාරය කිරීමේ අයිතිවාසිකම් සීමා කිරීමට මෙම සිද්ධියට ගොදුරු වූ පුද්ගලයන්ගේ ඛේදවාචකය දඩමීමා කර ගැනීම කෙතරම් සුදුසු ද? අන්‍යාගම්කරණය සහ සුව කිරීමේ දේව මෙහෙයන් යනු එකිනෙකින් සමාන සමාජ ප‍්‍රපංචයන් දෙකක්ද? මුලූ සමාජයටම අදාළ වන පනතක් ගෙන එන විට එය වඩා පුළුල් පරාමිතීන් සහිත සංවාදයක් තුළ, මෙබඳු සිදුවීම් භාවාතිශයකරණය කිරීමෙන් වියුක්ත ව සාකච්ඡුාවට බඳුන් කළ යුතු ය යන්න අපගේ යෝජනාවයි.

අප විශ්වාස කරන අන්දමට මෙබදු සංස්කෘතික සිදුවීමක් වඩා ගැඹුරු ලෙස අධ්‍යනයට ලක් කිරීම වැදගත්ය. දේශපාලනිකව ගත්කල ජනමාධ්‍ය විසින් මෙබඳු සිදුවීම් භාව කරණයට ලක්කිරීමෙන් ඔබ්බට ද සතුරා මිතුරා වැනි සරල බෙදීම් වලින් ඔබ්බටද ගිය වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාදයක් සයිබර් අවකාශය තුළ ගොඩනැගෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

References:

Williams, Raymond. The Long Revolution. London: Pelican,1961.

ප‍්‍රභා මනුරත්න
බුද්ධික බන්ඩාර

One response to “යාඥ මධ්‍යස්ථානයේ සිදුවීම, ඇදහිලි කල්ලි, සහ ලාංකීය සංස්කෘතික අර්බුදය.

  1. මේ පිලිබද මා ලියූ සටහන http://kadaima.blogspot.com/2009/11/blog-post.html
    ඔබ විසින් ඉහත දක්වා ඇති කාරණාවන් මෙන්ම මෙහිදී ඇදහිලි කල්ලි විසින් අත්පත් කරගන්නා සමාජමය රික්තය, එනම් ස්වදේශික සංස්කෘතිය තුලින් ගොඩනැගී තිබුනු විවිධාකාර ශාන්තිකර්ම, බලි තොවිල් යාතුකර්ම ආදීන්‍ ගේ ගරා වැටීම මෙන්ම ආගම් වල කාර්ය භාරය සිදුනොකිරීම වැනි සමාජ විද්‍යාත්මක මානය පිළිබදවද අවධානය යොමු කිරීම වැදගත් යැයි විශ්වාස කරමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )