කලාව , කලාකරුවා හා සමාජය – 01

දෙවියන් මිය ගිහින් යැයි දාර්ශනිකයා හඩ නගා පැවසීය. කලබල වූ මිනිස්සු එ පිළිබදව හඩනගමින්, දුක් වෙමින්, ඇතැමෙක් ප‍්‍රීති වෙමින්, එ මේ අත දුව ගිය හ. මේ අතර, අපිළිවෙල හුදෙකලා කාමරයක් තුළ සිත්තරාවියක් රූපයක් අදිමින් සිටියා ය: මහ මුහුද, මුහුදු රැළි, අහස කෙලවර පියාඹන ලිහිනියා, සුමට කුඩා ගල් කැට. කලබල වූ මිනිස්සු ඇගේ කුටියට කඩා පැන්න හ. ඇයි ඔබ කලබල නොවන්නේ ? ඇයි ඔබ හඬා නොවැටෙන්නේ? ඇයි ඔබ ප‍්‍රීති නොවන්නේ? දෙවියන් මිය ගිහින්. ඇයි ඔබ මේ වගේ මොහොතක මුහුදු රැළි අදින්නේ? සිත්තරාවිය සන්සුන්ව බිදෙන රැල්ලකට සුදු පැහැ පෙණ කැටිත්තක් එක් කලාය. නුඹලා ඔහුට හොද අවමංගල උත්සවයක් සූදානම් කරන්න. ඔහුගේ රූපය ඇදීමට වෙන සිත්තරෙකු සොයා ගන්න. මම තවමත් දෙවියන්ගේ අත් හුරුව සොයනවා. එය සොයා ගත්තොත් ඔහුගේ රූපය ඇදගෙන මමත් මළගමට එන්නම්. ඇය සන්සුන්ව පැවසුවාය.ගාමිණි හත්තෙට්ටුවේගම කලා කරුවාගේ නික්ම යාම වෙනුවෙන්.කලාව , කලාකරුවා හා සමාජය – 01

සයිබර් අවකාශය විසින් විවෘත කරන ලද නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිමේෂය තුළ ලාංකීය කලා ඉතිහාසයේ සිත්ගන්නාසු`එ මොහොතක් නිර්මාණය වෙමින් පවතී. එනම් ආයතනික තේරීම් ක‍්‍රියාවළිය විසින් බැහැර කරවනු ලැබූ කලා කරුවන්, කලා කාරිනියන්, රසික රසිකාවියන්, එබඳු තේරීමේ ක‍්‍රියාවලියකට යටත් නොකෙරෙන මෙම අවකාශය තුළ නිර්මාණකරණයට හා විචාරයට එළඹීම ය. එපමණක් නොව දැන් දැන් සමාජයේ පිළිගත් බුද්ධිමතුන් ද මෙම අවකාශය තුලට පැමිනෙමින් සිටියි. මෙය ඉතාම වැදගත් සංසිද්ධියකි. මන්ද යත්, එක් අතකින්, මෙය ධ‍්‍රැවීකරණය වූ නිර්මාණ – කලා – රසික ප‍්‍රජාවන් දෙකක් අතරේ අසිරිමත් හමුවීමක් නිසා ය. අනෙක, කලාව පිළිබද වැඩිහිටි පරපුරේ බුද්ධිමතුන්ගෙන් යමක් ඉගෙනීමට තමාට ඇතැම් විටක නොලැබුනු, නැතහොත් එසේ ලැබුනද ද, වඩා රැඩිකල් යැයි හැගෙන කතිකාවන් විසින් සු`එ කොට තකා බැහැර කරවනු ලැබූ හෙයින් එතරම් බරපතළ ලෙස භාර නොගැනුණු ශාස්ත‍්‍රාලීය සහ න්‍යායික දැනුම වෙත අවතීර්ණ වීමට තරුණ කලාකාරියන් හට, කලාකරුවන් හට, විචාර විචාරිකාවන් හට අවස්ථාව ලැබෙන නිසාය. මෙම නව අවකාශයට කිසියම් හෝ ආකාරයකින් දායක වීම වැදගත් ලෙස සලකමු. කිසියම් සමාජ සංස්කෘතික සංකල්පයක් පිළිබදව අවසාන මතය හෝ විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම වෙනුවට එම ක්ෂේත‍්‍රය නැවත නැවත නිර්වචනය කිරීමත්, පරීක්ෂාවට ලක් කිරීමත් තුළ අදාල ක්ශේත‍්‍රයන් තුළ ගැබ්වන නිර්මාණශීලිත්වය හැකිතරම් විවෘතව තබා ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු.අපගේ පළමු රවනාව තුල අප උත්සාහ කරන්නේ කලාව හා කලා විචාර ක්ෂේත‍්‍රය තුළ පොදුවේ අප මුහුණ දෙන ගැට`එ කිහිපයකින් එකක් පිළිබදව අවධානය යොමු කරන්නට ය. එනම් කලා විචාරයන්හි බොහෝ විට අද දක්නට ලැබෙන වියවුල්සහගතභාවය යි. අපට හැගෙන ආකාරයට මෙම වියවුල්සහගතභාවය පිටුපස කලාව සහ කලා විචාරය පිළිබ`දව ප‍්‍රමාණවත් තරම් විමර්ශනයට ලක් නොකරන ලද මූලික පෙරසිතීම් රාශියක් පැවතීමයි. නව ආකෘතික අවකාශයක තුළ, වෙනස් ආකාරයේ විචාර එළඹුම්වලින් (විශේෂයෙන් නව අත්දැකීම් සහ නැවුම් අදහස් සහිතව* එළඹෙන මෙම නව ප‍්‍රජාව අතර තම භාවිතාව පිළිබඳවම නව කතිකාවක් ඇති වීම අත්‍යවශ්‍ය කාරණයක් යැයි අපි හඟිමු. ඒ සඳහා අප තේරුම් ගත් ආකාරයට මෙම කියවීම්වලින් විශද වන පෙරසිතීම් පහත පරිදි සලකුණු කරමු.

1 අපි බොහෝ විට කලා කෘතියක් විචාරය කරන විට එහි පෙරසිතීමක් ලෙස කලාව හා සමාජය අතර ඍජු සම්බන්ධයක් ඇතැයි සළකමු. උදාහරණයක් ලෙස අපි ඇතැම් විටෙක කලා කෘතියක් විචාරය කරන විට එම කලා කෘතිය නිර්මාණය වූයේ අදාළ සමාජයේ මෙම නිශ්චිත සමාජ ආර්ථික දේශපාලනික හේතු නිසා යැයි පවසමු. එමෙන්ම අපි සමහර කලා කෘති ගැන කතා කරන විට එම කලා කෘති ඒවා නිර්මාණය වූ යුගය හා සමාජය ඉක්මවා ගිය අකාලික නිර්මාණ ලෙස සලකමු. අප යෝජනා කරන්නේ මෙම විචාරයන්ගේ පූර්ව නිගමනය වන කලාව හා සමාජය අතර ඍජු සම්බන්ධය අප විසින් විචාරයට ලක්කර යුතු බවයි.

2 විචාරකයකු අප අවට සමාජයේ ඇති සියලූ දේ විචාරයට ලක් කරන්නේ නැත. නුමුත් කලා කෘති සම්බන්ධයෙන් ගත් විට මෙය බොහෝ විට වෙනස් ය. කලා කෘති යනු විචාරයට ලක්කර හැකි දෙයක් යැයි අදහස අප අතරේ ඇත. මෙම නිසා කලා කෘති නිතැතින්ම විචාරයන්ට බදුන් වේ. නුමුත් කලා කෘති යනු විචාරයට ලක්කළ හැකි දෙයක් ය යන පූර්ව නිගමනය ද අප විචාරයට ලක්කර යුතුය. මේ තුළින් අප යම් විචාරයක් කරන විට, ඇයි අප යම්කිසි නිශ්චිත කලා කෘති විචාරයට තෝරා ගන්නේ? ඇයි අප සමහරක් කලා කෘති විචාරයට තෝරා නොගන්නේ? කුමක් නිසාද අප විචාරයන් ලියන්නේ? අපගේ විචාරයන් පදනම් වන මිනුම් දඩු මොනවාද? වැනි කරුනු පිළිබද අපට සංවාදයක් නිර්මානය කර ගත හැක.

3 කලාවට හා කලා නිර්මාණයන් හට කිසියම් අරමුණක් තිබිය යුතුයි හෝ තිබෙනවා යන්න බොහෝ කලා විචාරයන්ගේ පෙර සිතාගැනීමක් ලෙස දක්නට ලැබේ. කලාවට සෞන්දර්යාත්මක අරමුණක් තිබිය යුතුයි යන්න හෝ කලාවට දේශපාලන අරමුණක් තිබිය යුතුයි යන්න කලා විචාරයේ දී බොහෝ විට මතුවන දෙයකි. එම නිසා, යම් කලා කෘතියක අරමුණ දේශපාලන අදහසක් ප‍්‍රකාශ කිරීමද, රස ජනනය කිරීමද, විනෝස්වාදය සැපයීමද, සමාජ යථාර්තය නිරූපනය කිරීම ද එසේ නැත්නම් වෙනත් අරමුණක්ද යන්න මත කලා කෘති විචාරයට බදුන් වෙනු අපට දක්නට ලැබේ. කලාකෘතියක අරමුණ, අරමුණු විරහිත වීම විය නොහැකි ද?

4 කලා කෘති විචාරය කිරීමේ දී කලා කෘතියක් කෙතරම් ප‍්‍රගතිශීලී ද? නැත්ද? යන්න බොහෝ විට සලකා බලනු අපට දක්නට ලැබේ. තවත් පැත්තකින් කෙනෙකු ප‍්‍රගතිශීලි යැයි හදුනා ගන්නා එවැනි කලාකෘතීන් තවත් අය විසින් ප‍්‍රචාරකවාදී ලෙස හදුනා ගන්නා විචාරයක් ද පවතී. විවිධ දේශපාලන ධාරාවන්ගේ දෘශ්ඨි කොණයන් මත කලා කෘතිවලට අගයන් නියම කරන විචාරයන් ඇත. උදාහරණයක් ලෙස යම් කලා කෘතියක ස්ත‍්‍රිය නිරූපණය වී ඇත්තේ කෙසේද? සු`එ ජාතිකයන් නිරූපනය කර ඇත්තේ කෙසේද? කම්කරුවන් නිරූපණය කර ඇත්තේ කෙසේද? යන්න මත කලා කෘතීන් විචාරයට ලක් කිරීම සදහන් කළ හැකි ය. මෙම විචාරයන්් තුළ, කිසියම් කලා කෘතියකට සමාජයේ බල ධූරාවළින් සමග අනිවාර්ය සම්බන්ධයක් ඇතැයි යන අදහස අප තුළම පූර්ව නිගමණයක් ලෙස පවතී. වඩාත් නිශ්චිතව කියන්නේ නම් කලාව සහ දේශපාලනය අතර නිසර්ග සම්බන්ධයක් ඇතැයි යන අදහස මෙහිදී මූලික වේ. කලා විචාරයේ දී මෙම අදහස ද විචාරය කිරීමකට භාජනය කිරීම අවශ්‍ය යැයි අපි සිතමු.

5 අප කලාව ගැන කතා කරන විට නිරන්තරයෙන් නිර්මානකරණයේ යෙදෙන්නා ” කලාකරුවා” ලෙස හඳුන්වමු. මේ නිර්මානකරුවා කවුද? එවැන්නෙක් සිටින්නේ ද? එක් එක් සමාජයෙන් සමාජයට මෙම භූමිකාව වෙනස් වී තිබේ ද? මේ වෙනස්වීම් අපගේ විචාරයට බලපාන්නේ කෙසේ ද? උදාහරණයක් ලෙස සැළලිහිනි සංදේශයේ කවියා වූ කලි බෞද්ධ භික්ෂුවකි. එවිට අපගේ කාව්‍ය විචාරය තුළ කවියා යනු කවුද? එසේත් නැතහොත් වර්තමාන සමාජයේ ”අපි වෙනුවෙන් අපි” නිර්මාණයේ නිර්මාණකරුවන් කලාකරුවන්ද නැතහොත් දැන්වීම්කරුවන් ද නැතහොත් ප‍්‍රචාරකවාදීන් ද? ”කලාකරුවා” යන පොදු නාමයෙන් අප හඳුනාගන්නා මෙම විවිධ භූමිකාවන් නිශ්චය කර ගැනීම තුළින් අපගේ කලා විචාර භාවිතාව වඩා පොහොසත් කරගත හැකි ද?

අප මෑත කාලීන සයිබර් අවකාශයේ සිංහල භාෂාවෙන් පළ වූ විචාර ඇසුරින් ඉහත කී පෙර සිතාගැනීම් මතු කර ගත්තේ මෙම විචාර භාවිතාව ප‍්‍රත්‍යාවලෝකනයට ලක් කිරීම වැදගත් යයි අපට හැඟුණු නිසා ය. එමෙන්ම මෙවැනි පෙර සිතාගැනීම්වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම අපගේ අරමුණ නොවේ. පැහැදිලි ලෙසම, කලාව සහ සමාජය අතර සම්බන්ධය කුමක් ද යනු කිසිවෙකුටත් අවසාන පිළිතුරු ලබා දිය හැකි ප‍්‍රශ්නයක් නොවේ. එහෙත් අපගේම භාවිතාව ඇසුරින්, අප එම සම්බන්ධය දකින ආකාරය සළකුණු කොට තැබීම විසින්, අප ඇසුරු කරන විචාරයේ ක්ෂේත‍්‍රය පැහැදිලි ලෙස සටහන් කරනු ඇත. අප උත්සහ කරන්නේ කිසියම් කෙනෙකු විචාරයක යෙදෙන විට ඔහු හෝ ඇය විසින් එම විචාරය වෙත රැගෙන එන පූර්ව නිගමනයන් මොනවාද යන්න ගැන අවධානයෙන් සිටීමේ වැදගත්බව අවධාරණය කිරීමයි. අප විශ්වාස කරන අන්දමට, එසේ කිරීම තුළ, කලා නිර්මාණයකට අවසාන අර්ථ සපයන්නා බවට විචාරකයා පත්වනු වෙනුවට විචාරයම විචාරයට ලක් කළ හැකි වඩා විවෘත සහ සජීවී සමාජ වියමනක් බවට පත් වේ, විචාරකයා වූ කලි ගල් ගස්වන ලද භූමිකාවක් වෙනුවට නිශ්චිත නමුත් පරම නොවන ආස්ථානයක සිට සිය කලා භාවිතාවේ යෙදෙන්නෙක් බවට රූපණය වේ. ඔහු/ඇය සහෘදයකු බවට පත් වේ.

ප‍්‍රභා මනුරත්න
බුද්ධික බන්ඩාර

4 responses to “කලාව , කලාකරුවා හා සමාජය – 01

  1. ශ්‍රාස්ත්‍රාලීය නොවන විචාරකයින් සමූහයකින් යුතු අන්තර්ජාල බ්ලොග් අඩවි තුල මෙආකාරයේ දැනුම බෙදා හදා ‍ගැනීම ගුණාත්මක දියුණුව සදහා වඩ වඩාත් ඉවහල් වේ. එම නිසා ඔබ දෙපොලගේ මෙකී උත්සාහය දිගින් දිගටම තවදුරටත් ඉදිරියට ගෙන යෑම වඩා අතිශයින්ම වැදගත්ය.
    ඔබගේ සිංහල බ්ලොගය වැඩි පිරිසක් වෙත ගෙන යෑමට http://blogs.sinhalabloggers.com/add-blog/ වෙත ගොස් බ්ලොග් සින්ඩියට ඇතුලත් කරන්න. http://www.kottu.org තවත් ජනප්‍රිය ලාංකික බ්ලොග් සින්ඩිකේටරයකි.
    දිගටම ලියන්න… සුබපැතුම්

  2. Some preliminary remarks regarding this all too brief comments. These reflections are not complete for two reasons: on the one the one hand, I do not have a confident grasp on the debate about aesthetic/inaesthetic; and, on the other hand, my ‘research engagements’ are of slightly different nature. Secondly, I should apologise for typing this in English, as I am yet to obtain this elusive skill of typing in Sinhala.
    I think the question of the meaning and the nature of art is the question that underlies all your notes. For example, when you ask if there is a relationship between art and the social or the political, we first need to understand what we mean by these things called art and also politics.
    Again, when you say that why do we pick certain ‘works of art’ and not others, once again we are stuck with the same question. For instance I read a review by Nihal Pieris recently, where he says that popular soap ‘Pabaa’, through its very popularity, enforces us to redefine the criteria we have to measure a work of art.
    The same point applies to the other three notes, or complex of questions: ‘what is the intended meaning of a work of art?’, ‘what is the relationship between art and politics?’ and ‘who is an artist?’
    They all presuppose a certain understanding of the meaning of the terms art. But we are faced with a difficulty because you have said at the beginning that “by repeatedly defining/redefining and constantly testing a particular area of a socio cultural concept, instead of giving the definitive account or the final analysis, one can sustain the creativity of that particular area.” I don’t think it is possible to avoid giving definitions but, and this is important, it is quite possible that the definitions we give become inadequate and we need to redefine it. In this sense, I agree with that, but we should not be afraid to attempt to define something. The classic example is Heidegger’s ‘question of Being’ in “Being and Time”. He begins the book with a lengthy discussion of the difficulty of posing the question of Being. For example, if we ask, ‘what is being’, Heidegger notes, we have already smuggled in a certain idea of being to the question itself, by the word “is”. It is also clear that Heidegger does not give a sufficient account of Being, and indeed of posing the question itself, but through the process we learn very many things about very many things. In this vein, wouldn’t it be better, if we start with the simple and complicated question: What is art?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )